Posts

Showing posts with the label Fictions

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

Image
මේක සුරංගනා කතාවක් වගේ නම් තමයි. හැබැයි ටිකක් scientific සුරංගනා කතාවක්. විශ්වාස කරන්න නෙමෙයි දැනගැනීම පිණිසයි කියන්නෙ. ::. මේ මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ ඉතිහාස කතාව .:: පෘථිවියේ පළවෙනිම ශිෂ්ටාචාරය තමයි මෙසපොටේමියානු ශිෂ්ටාචාරය (Mesopotamian Civilization) කියන්නෙ. එයාල හිටියෙ වත්මන් ඉරාකය ආශ්‍රිත භූමියේ යුප්‍රටීස් හා ටයිග්‍රිස් කියන ගංගා දෙක අතර. ලෝකෙ පළවෙනි ශිෂ්ටාචාරයෙ අය කොයි වගේ වෙන්න ඇතිද? අමාරුවෙන් ගල් දෙකක් අතුල්ලල ගින්දර අරන් සතෙක් පුච්චගෙන කාපු ප්‍රාථමික මිනිසුන් වෙන්න ඇති. නෑ!! තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව මෙයාල විගණනය (auditing) පවා කරා. සෞරග්‍රහ මණ්ඩලයේ සිතියම් ඇන්දා. තව මේ වගේ හිතාගන්න බැරි වැඩ ගොඩක් කරපු අරුම පුදුම මිනිසුන්ගෙන් පිරි ශිෂ්ටාචාරයක්. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නයක් මතුවෙන්නෙ. සියවස් 50කටත් කලින් මෙයාල ඇඳපු මේ සෞරග්‍රහ මණ්ඩල සිතියමේ අපි බොහොම මෑතකදි හොයාගත්ත ප්ලූටෝ ඉන්නවා! ඒ විතරක් නම් කමක් නෑ තවත් මොකෙක්ද ග්‍රහයෙක් ඉන්නවා . ග්‍රහයෙක් කිව්වට ඒක infrared range එකේ තියෙන (පියවි ඇසට පෙනෙන සංඛ්‍යාත පරාසයෙන් ...