Posts

විශ්වයේ ආරම්භය සජීවීව දකින ජේම්ස් වෙබ් James Webb

Image
මෑත ඉතිහාසයේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව සිදුකල විශිෂ්ටතම සොයාගැනීම හැටියට පසුගියදා ගැනුනු කළු කුහරයක accretion disk එකේ ඡායාරූපය අපිට සලකන්න පුළුවන්. හැබැයි අපි අද මේ කතා කරන්න යන්නෙ ඊට වඩා ගොඩාක් ලොකු සොයාගැනීමක් ගැන. මේක තමයි අභ්‍යවකාශ තාක්ෂණයේ එදා මෙදාතුර මිනිසා පනින ලොකුම පිම්ම. මේකත් එක්ක සසඳනකොට සඳ ගමන පවා එච්චර ලොකු දෙයක්ද කියල ආපහු හිතන්න වෙයි. මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන.. මේ කතාව මට දෙපැත්තකින් ඇවිත් තමයි පැහැදිලි කරන්න සිද්ධවෙන්නෙ. අපිට ආලෝකවර්ෂ 10ක් දුරින් තරුවක් තියෙනවා කියල උපකල්පනය කරන්නකො. එතකොට ඒ තරුවෙ ආලෝකය අපිට ලැබෙන්න අවුරුදු 10ක් යනවා. ඒ කියන්නෙ අපි අද දකින්නෙ ඒ තරුව අවුරුදු 10කට කලින් නිකුත් කරපු ආලෝකය. සරලවම කිව්වොත් අපි මේ දකින්නෙ අවුරුදු 10කට කලින් ඒ තරුව තිබුණ හැටි. තවත් විදිහකට කිව්වොත්... අපිට ආලෝක වර්ෂ 10ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 10ක් අතීතය .. අපිට ආලෝක වර්ෂ 55ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 55ක් අතීතය .. අපිට ආලෝක වර්ෂ බිලියන 1...

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

Image
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. SEA-ME-WE කේබල් පද්ධතිය.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා. Copper Cables - තඹ රැහැන්.. ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිට...

උත්තරේ 1 ද? 9 ද?

Image
උත්තරේ 1 ද? 9 ද? 6÷2(2+1)... මේක ගණිත ලෝකයේ ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඔයාගෙ ගණිත දැනුම අනුව මේකට උත්තරේ මොකක්ද? 90%කට වඩා කියන්නෙ උත්තරේ 1 කියලා. හැබැයි ඉතින් හරි උත්තරේ නම් 9 .. මොකක්? එතකොට පොඩි කාලෙ ඉගෙනගත්ත වන්බෙගුදරි??? Casio වලට කොහොමද වරදින්නෙ?? කලබල නැතුව ඉතුරු ටිකත් කියවන්නකො. බනින්න කලින් ඔක්කොම කියවල ඉන්න. 6÷2(2+1) කියල ගැහුවම Casio එකේ උත්තරේ ගන්නෙ මෙන්න මේ රූපෙ හැටියට.  ඒ කියන්නෙ බෙදීමේ ලකුණ ගහපු ගමන් එතනින් එහා ඔක්කොම ඉරෙන් යටට දානවා. ඒක තමයි පරණ ක්‍රමය. හැබැයි ඒක outdated. ඒත් සාම්ප්‍රදායික බව හා සමහර advanced mathematics සංකල්ප වලට අවශ්‍ය නිසා casio තාමත් ඒ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද scientific calculators තියෙන්නෙ මේ වගේ දෙකයි පනහෙ සරල ගණිත ගැටළු විසඳන්න නෙමෙයිනෙ. ඒක නිසා සරළ ගණිතයේදි මේ කැසියෝ උත්තරේ යල්පැනගිහින්.. Casio scientific calculator එකේ "  ÷  " ලකුණ ගහපු ගමන් මෙන්න මේ අමතර වරහන් 2ත් වැදිලා මුළු කෑල්ලම ඉරෙන් යටට යන විදිහටයි මේක programme කරල තියෙන්නෙ. ඒත් ඒ වරහන් 2 display එකේ පෙන්නන්නෙ නැත...

ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය

Image
අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.54 ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා තියෙන්නෙ  අපි හිතන් හිටපු කාලයේ නෙමෙයි . ඊට වෙනස්ම කාලයක. මේ සූදානම එහෙම පටලගත්ත කාල නිර්ණයන් කිහිපයක් නිරවුල් කරගන්නයි. 1) ක්ලියෝපැට්රා ලෝකෙ පරණම ශිෂ්ඨාචාරයක් තමයි නයිල් ගඟ පාදක කරගෙන බිහිවුනු ඊජිප්තු ශිෂ්ඨාචාරය. මේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 3100 තරම් ඈතට යනවා. ඒ තරම් පරණයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ හිටපු ශ්‍රේෂ්ඨ රැජිනක් කිව්වම අපි හැමෝටම එක පාරට මතක් වෙන්නෙ ක්ලියෝපැට්රා රැජින . හැබැයි ඉතින් ක්ලියෝපැට්රා ජීවත් උනේ ක්‍රි.පූ 69ත් ක්‍රි.පූ. 30ත් අතර තරම් මෑත කාලයේ. එහෙම බැලුවම ක්ලියෝපැට්රාගේ ඉඳල ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට තියෙන කාලය අවුරුදු 3000කටත් වැඩියි . හැබැයි ක්ලියෝපැට්රාගෙ ඉඳලා වර්තමානය දක්වා කාලය අවුරුදු 2048ක් විතරයි . ඒ කියන්නෙ ක්ලියෝපැට්රා, ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට වඩා අපිට ලඟයි. තව ටිකක් තේරෙන්න කිව්වොත්...

හීන ලෝකය

Image
මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ . එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු  මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන .. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල  ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන. පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු. නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි ...