Posts

චර්නොබිල් වල මොකද වුණේ? (දෙවෙනි කොටස) Chernobyl Disaster (Part 2)

Image
පළවෙනි කොටසෙදි කිව්වනෙ චර්නොබිල් සැකැස්මෙ මරණීය වැරැද්දක් තිබුණා කියලා.. මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනෙකුට සෘජුවම ජීවිත අහිමිවුණා. මේ කියන්න යන්නෙ ඒ කතාව.. ලෝකයේ න්‍යෂ්ටික බලාගාර පරම්පරා 5ක් තියෙනවා. අද බහුලව තියෙන්නෙ 3+ පරම්පරාව. රුසියාවෙ සහ චීනයේ නම් දැනටම 4 වෙනි පරම්පරාවෙ බලාගාර ක්‍රියාත්මක වෙනවා. ජපානයත් ලඟදිම ඒ තැනට එන්න සූදානම්. රුසියාව නම් 5ට යන්න පරීක්ෂණ කරන බවටත් කටකතා තියෙනවා. කොහොම වුණත් අපේ කතා නායකයා චර්නොබිල් නම් දෙවෙනි පරම්පරාවෙ මුලම බිහිවුණ බොහොම පැරණි බලාගාරයක් මේකෙ රිඇක්ටර්ස් 4ක් තියෙනවා (තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුනා). මේ සෝවියට් රිඇක්ටර් වලට කිව්වෙ  RBMK  (reaktor bolshoy moshchnosty kanalny - High-power channel type reactor) කියලා. මේ RBMK රිඇක්ටර් වල designing fault එකක් තිබුණා. ඒවා නිවැරැදි කෙරුනෙ චර්නොබිල් පිපිරීමෙන් පසුවයි. මේ ජාතියෙ RBMK රිඇක්ටර් සෝවියට් රුසියාව පුරාම තිබුණා. 1986දි පුපුරපු චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකට අල්ලපු වැටේ තියෙන 3 වෙනි රිඇක්ටර් එක පවා 2000 අවුරුද්ද වෙන...

චර්නොබිල් වල මොකද වුණේ? (පළමු කොටස) Chernobyl Disaster (Part 1)

Image
මේ දවස් වල කට්ටිය සැරටම Chernobyl tv series එක බලනවනෙ. හැබැයි චර්නොබිල් ව්‍යසනය සිදුවුණ ආකාරය ගොඩක් අයට එච්චරම පැහැදිලි වෙලා තිබුණෙ නෑ. ඒ සම්බන්ධව ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ නිසා මම හිතුවා චර්නොබිල් න්‍යෂ්ටික අනතුර ගැන ටිකක් සරල පැහැදිලි කිරීමක් කරන්න. සෝවියට් රුසියාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 10%ක් විතර සපුරපු න්‍යෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය. චර්නොබිල් සහ pripyat ප්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නෙ බෙලරුස් සහ යුක්රේනයට. අදටත් මේ බ්මේ වර්ගකිලෝමීටර් 2600ක් ජනශූන්‍යයි. තව අවුරුදු 3000ක් විතර යනතුරු තත්වය එහෙමයි. හේතුව තමයි කවුරුත් දන්න චර්නොබිල් න්‍යෂ්ටික අනතුර. චර්නොබිල් අනතුර ගැන දැනගන්න කලින් මුලින්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික බලාගාරයක සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන තේරුම්ගන්න වෙනවා. න්‍යෂ්ටික බලාගාර වල ඉන්ධනය හැටියට අරගන්නෙ යුරේනියම් . මේ තියෙන්නෙ ඒවා.. මේ න්‍යෂ්ටික ඉන්ධන වල සංයුතියෙන් 4% - 5%ක් වගේ තමයි යුරේනියම්-235 සමස්ථානිකය තියෙන්නෙ. ඉතිරි සේරම යුරේනියම්-238.  යුරේනියම්-235 දාම ප්‍රතික්‍රියාවෙන් හැදෙන නියුට්‍රෝන අවශෝ...

අරාබි තෙල් - Arabian Oil

Image
පහුගිය දවස් වල සිදුවුණ පාස්කු ප්‍රහාරයත් එක්ක සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න පටන්ගත්තනෙ. ඒ වෙලාවෙ මුස්ලිම් අයගෙ සහ ඇතැම් සිංහල අයගෙ උත්තරයක් වුණේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනව නම් මුස්ලිම් අරාබියේ තෙලුත් වර්ජනය කරන්න කියන එක. ඒ තර්කය හරිද? මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලන්නයි අද අපේ සූදානම. _________________________________ මුලින්ම අපි බලමු කොහොමද මේ බොරතෙල් කියන දේ ඇතිවුණේ කියලා. මේක ගැන ලෝකයේ මත 2ක් තියෙනවා. 1. Biogenic : මේකෙදි කියන්නෙ බොරතෙල් නිෂ්පාදනය වුණේ විවිධ ජීවී ද්‍රව්‍ය කාලයක් පුරාවට ජීර්ණය වීමෙන් කියන එක 2. Abiogenic : මේකෙදි කියන්නෙ ජීවී නොවන කාබනික ද්‍රව්‍ය මගින් බොරතෙල් ඇතිවුණා කියන එක. ඒ කියන්නෙ ගිනිකඳු හා භූමිකම්පා වගේ දේවල් නිසා පෘථිවි පෘෂ්ඨයට යටින් තියෙන මැන්ටලය කියන කොටසෙන් එළියට එන වායූන් ඇසුරින් මේ සංසිද්ධිය ඇතිවුණා කියන එක. හැබැයි වර්තමානය වෙනකොට පොදුවේ පිළිගැනෙන්නෙ අර මුලින් කියපු biogenic මතවාදයයි. ඒ කියන්නෙ ජීවී ද්‍රව්‍ය ඇසුරින් බොරතෙල් නිෂ්පාදනය වුණා කියන එක. දැන් අපි බලමු කොහොමද එහෙම වුණේ කියන එක. ...

රේල් පාර උඩ නතරවෙන කාර්

Image
ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?? මේක ගැන පහුගිය දවසක ඇතිවුණ සංවාදයකට මමත් පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා. එතන හිටපු ගොඩක් අයගෙ අදහස වුණේ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බව. මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු. ================ කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා... සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්... කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙන...

පෘථිවියේ මහා නෂ්ටවීම් 5 - The 5 Great Extinctions

Image
පෘථිවියේ ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද කියන එක හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් යන්තමින් බේරුනා. ඒ හැම අවස්ථාවකදිම පෘථිවියේ ජීවයෙන් 70%කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අද අපේ මාතෘකාව පෘථිවියේ මහා නෂ්ට වීම් පහ ගැනයි.. ____________________________________________ 445 Million Years Ago 1) Ordovician මහා නෂ්ටවීම.. මේ නෂ්ටවීම ඇතිවුණේ දළ වශයෙන් අදින් අවුරුදු මිලියන 445කට විතර කලින්. මේ නෂ්ට වීමට හේතුව උනේ පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් අඩුවීම නිසා පෘථිවිය ඉතාම කෙටි කාලයක් තුල සීතල වෙලා මහා හිම යුගයකට යාම. මේකෙදි දැවැන්ත ග්ලැසියර සෑදීම නිසා මුහුදු මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙන්න පටන්ගත්තා. මේ කාලයේදි පෘථිවියේ ජීවය තනිකරම පාහේ තිබුණෙ සාගරයේ. ඉතින් මේ සාගර ජීවීන්ට අධික ශීතලකට මුහුණදෙන්න සිදුවුණා මදිවට තමන්ගෙ වාසස්ථානත් නැතිකරගන්න සිදුවුණා. අවාසනාවට ඒක එයාලට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නෂ්ටවීම වසර මිලියන 10ක් පමණ කාලයක් පුරාවට සිදුවුණා. මේකෙන් පෘථිවියේ ජීවයෙන් 85% ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ගියා. ...