Posts

ලොවක් ණයගැති පුංචි කෘමියා - මීමැස්සා

Image
මීමැස්සො ලෝකෙන් තුරන් වුණොත් මිනිස්සුත් ටික කාලෙකින් ලෝකෙන් වඳවෙලා යනවා. කොහොමද පුංචි සතෙක් එච්චර ලොකු දෙයක් කරන්නෙ? මීමැස්සො කියන්නෙ සොබාදහමෙ ඉන්න අතිශයින්ම වැදගත් පුරුකක්. මෙයාලගෙ මේ තියෙන වටිනාකම නිසාම මෙයාලා නැතිවුණ දවසක ඒ එක්කම අපිත් අවසන් ගමන් යනවා. පෘථිවිය තුල අපේ පැවැත්ම තීරණය කරන්නෙ මෙයාලා. කතාව මෙහෙමයි.. මීමැස්සා තමයි පරාගණයේ ප්‍රාථමික පුරුක. ඊට අමතරව සුළඟ, කුරුල්ලො, සමනල්ලු, වෙනත් කෘමීන් වගේ තවත් පරාගණ ක්‍රම තිබුණට කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය අතින් ඒ ක්‍රම වලට මීමැස්සො එක්ක හැරෙන්න වත් බෑ. එක මීමැසි කොලනියකට පුළුවන් දවසක් තුල මල් මිලියන 300ක් විතර පරාගණය කරන්න. ඉතින් මීමැස්සො නැතිවෙනවා කියන්නෙ ඒ එක්කම ශාක පරාගණයත් නතර වෙනවා කියන එක. මේ වෙනකොට මීමැස්සො වඳවීයාමේ තර්ජනයට මුහුණදෙමින් සිටිනවා. 2016 2017 අතර මීමැසිගහණය ව්ශාල ප්‍රතිශතයකින් අඩුවෙලා (dailymail). 2017 සහ 2018 වසර දෙකේදි විතරක් සැලකිය යුතු මීමැසි ප්‍රභේද සංඛ්‍යාවක් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති සත්ව ලයිස්තුවට ඇතුලත් කෙරුණා. මීමැස්සන්ට මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා 1. කෘමිනාශක ඔව් ඉත...

සිග්නල් ටවර් එකක් අසල ජීවත්වීම ආරක්ෂිතද?

Image
සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් එක්ක අද වෙනකොට එහෙ බැලුවත් සිග්නල් ටවර්ස්, මෙහෙ බැලුවත් සිග්නල් ටවර්ස්. නාගරිකව නම් මේ තත්වෙ ඉතාම වැඩියි. සමහරවිට ඔයාලගෙ ගෙදර ලඟත් සිග්නල් ටවර් එකක් ඇති. මේ වගේ ටවර් එකක් අසල ජීවත්වෙන එක සෞඛ්‍යාරක්ෂිතද? මේවා නිසා අකුණු අනතුරු වලට මුහුණදෙන්න වෙයිද? අද අපේ කතාව ඒ ගැන.. - ජාතික පුවත්පත් වාර්තාවක්- ජාතික පුවත්පත් වාර්තාවක්- පහුගිය දවස් වල මේ ගැන ලියන්න ඉල්ලීම් කීපයක් ලැබුණත් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් හිටපු නිසා වැඩේ ටිකක් කල් ගියා. ඔන්න ඒ හැමෝටම ඔයාලා ඉල්ලපු විස්තරාත්මක පැහැදිලි කිරීම.. ______________________________________ ජංගම දුරකථන සේවා සැපයීම සඳහා විවිධ වර්ගයේ සිග්නල් ටවර්ස් භාවිතා වෙනවා. 1.පොළොවෙ ඉඳල අහස උසට නැගෙන වානේ structures වලින් හදපු greenfield towers 2.නාගරිකව දකින්න ලැබෙන උස් ගොඩනැගිල්ලක rooftop එකේ ඉදිකරන ලද ටවර්ස් 3.පරිසරයට අනුගත වීම සඳහා ගසක පෙනුමට හදපු tree towers (ඊළඟ පාර BMICH එකට ගියාම ටිකක් වටපිට බලන්න. Tree tower එකක් දකින්න පුළුවන් වෙයි) 4.විශාල ගොඩනැගිලි වල ඇතුලෙ හදන Inb...

චර්නොබිල් වල මොකද වුණේ? (දෙවෙනි කොටස) Chernobyl Disaster (Part 2)

Image
පළවෙනි කොටසෙදි කිව්වනෙ චර්නොබිල් සැකැස්මෙ මරණීය වැරැද්දක් තිබුණා කියලා.. මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනෙකුට සෘජුවම ජීවිත අහිමිවුණා. මේ කියන්න යන්නෙ ඒ කතාව.. ලෝකයේ න්‍යෂ්ටික බලාගාර පරම්පරා 5ක් තියෙනවා. අද බහුලව තියෙන්නෙ 3+ පරම්පරාව. රුසියාවෙ සහ චීනයේ නම් දැනටම 4 වෙනි පරම්පරාවෙ බලාගාර ක්‍රියාත්මක වෙනවා. ජපානයත් ලඟදිම ඒ තැනට එන්න සූදානම්. රුසියාව නම් 5ට යන්න පරීක්ෂණ කරන බවටත් කටකතා තියෙනවා. කොහොම වුණත් අපේ කතා නායකයා චර්නොබිල් නම් දෙවෙනි පරම්පරාවෙ මුලම බිහිවුණ බොහොම පැරණි බලාගාරයක් මේකෙ රිඇක්ටර්ස් 4ක් තියෙනවා (තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුනා). මේ සෝවියට් රිඇක්ටර් වලට කිව්වෙ  RBMK  (reaktor bolshoy moshchnosty kanalny - High-power channel type reactor) කියලා. මේ RBMK රිඇක්ටර් වල designing fault එකක් තිබුණා. ඒවා නිවැරැදි කෙරුනෙ චර්නොබිල් පිපිරීමෙන් පසුවයි. මේ ජාතියෙ RBMK රිඇක්ටර් සෝවියට් රුසියාව පුරාම තිබුණා. 1986දි පුපුරපු චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකට අල්ලපු වැටේ තියෙන 3 වෙනි රිඇක්ටර් එක පවා 2000 අවුරුද්ද වෙන...

චර්නොබිල් වල මොකද වුණේ? (පළමු කොටස) Chernobyl Disaster (Part 1)

Image
මේ දවස් වල කට්ටිය සැරටම Chernobyl tv series එක බලනවනෙ. හැබැයි චර්නොබිල් ව්‍යසනය සිදුවුණ ආකාරය ගොඩක් අයට එච්චරම පැහැදිලි වෙලා තිබුණෙ නෑ. ඒ සම්බන්ධව ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ නිසා මම හිතුවා චර්නොබිල් න්‍යෂ්ටික අනතුර ගැන ටිකක් සරල පැහැදිලි කිරීමක් කරන්න. සෝවියට් රුසියාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 10%ක් විතර සපුරපු න්‍යෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය. චර්නොබිල් සහ pripyat ප්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නෙ බෙලරුස් සහ යුක්රේනයට. අදටත් මේ බ්මේ වර්ගකිලෝමීටර් 2600ක් ජනශූන්‍යයි. තව අවුරුදු 3000ක් විතර යනතුරු තත්වය එහෙමයි. හේතුව තමයි කවුරුත් දන්න චර්නොබිල් න්‍යෂ්ටික අනතුර. චර්නොබිල් අනතුර ගැන දැනගන්න කලින් මුලින්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික බලාගාරයක සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන තේරුම්ගන්න වෙනවා. න්‍යෂ්ටික බලාගාර වල ඉන්ධනය හැටියට අරගන්නෙ යුරේනියම් . මේ තියෙන්නෙ ඒවා.. මේ න්‍යෂ්ටික ඉන්ධන වල සංයුතියෙන් 4% - 5%ක් වගේ තමයි යුරේනියම්-235 සමස්ථානිකය තියෙන්නෙ. ඉතිරි සේරම යුරේනියම්-238.  යුරේනියම්-235 දාම ප්‍රතික්‍රියාවෙන් හැදෙන නියුට්‍රෝන අවශෝ...