Posts

තරු නිවි නිවි පත්තු වෙන්නයි ග්‍රහලෝක එහෙම නොවෙන්නයි හේතුව - Why Stars Twinkle & Planets do not..

Image
පොඩි කාලෙ මතකද ඉගෙනගත්තා රෑ අහසෙ පෙනෙන ආකාශ වස්තු අතරින් තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න හැටි? ක්‍රමය තමයි තරු පේන්නෙ නිවෙනවා පත්තු වෙනවා වගේ (blink වෙවී). හැබැයි ග්‍රහලෝක වලින් ලැබෙන එළිය එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඔය ක්‍රමයට රෑ අහසෙ තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න දැනගෙන හිටියට එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගෙන හිටියද? එක රටක් එක නීතියක් කිව්වට ඇයි එක්කෙනෙක් විතරක් blink වෙන්නෙ? අද කතාව ඒ ගැන. මහන්සි වෙලා ලියන ලියන එක හොරකම් කරලා යටින් තමන්ගෙ නම දාගෙන තමන්ගෙ වගේ පළකරන අය ලොකු ප්‍රමාණයක් හිටපු නිසා ආපහු blog එක ලියන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. හැබැයි රෑ අහස දැක්කම එක්කො මේකත් ලියන්න ඕන කියල හිතුනා. මොකද මේක පොඩි කාලෙ මටත් තිබුණ දැවෙන ප්‍රශ්නයක් නිසා. ඉතින් මාස 5කට පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න ආවා.. මුලින්ම කියන්න ඕන තරුත් ඇත්තටම නිවි නිවි පත්තු වෙන්නෙ නෑ එක දිගටම එළිය දෙනවා මිසක්. හැබැයි අපේ වායුගෝලය නිසා අපිට තරු පේන්නෙ නිවි නිවි පත්තු වෙන හැටියට. ඒක වෙන්නෙ මෙහෙම. තරු තියෙන්නෙ ගොඩාක් ඈතනෙ. එතකොට අපිට නිරීක්ෂණය වෙන්නෙ pinpoints හැට්යට. මේ රූප සටහනේ හැටියට තරු එළිය අපේ වායුගෝලයට එ...

අපිට ලඟම න්‍යෂ්ටික බලාගාරය අපිට තර්ජනයක්ද?

Image
අපිට ලඟම න්‍යෂ්ටික බලාගාරයේ ඒ කියන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩුවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව ගැන ලංකාවෙත් තරමක කතාබහක් පහුගිය කාලෙ දැකගන්න ලැබුණා. මේකෙ න්‍යෂ්ටික අනතුරක් වෙන්න පුළුවන්ද? එහෙම වුණොත් ලංකාවට තියෙන බලපෑම මොන වගේද? අද කතාව ඒ ගැන. මේ වෙනකොට ඉන්දියාව සතු විශාලම න්‍යෂ්ටික බලාගාරය තමයි කූඩන්කුලම් බලාගාරය. මේක තියෙන්නෙ කූඩන්කුලම් වෙරළ අයිනේ. මූලික සැලැස්මෙ හැටියට මේක එකක් 1000MW බැගින් වන ප්‍රතික්‍රියාකාරක (Reactors) 6ක් තියෙන 6000MW installed capacity එකක් තියෙන බලාගාරයක්. 2002දි තමයි මේකෙ වැඩ ආරම්භ වුණේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා සහ Heat transfer tubes 4ක තිබුණු දෝෂය නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බොහෝ කාලයක් ගියා. 2013දි තමයි පළවෙනි unit එක ක්‍රියාත්මක වුණේ. බලාගාරය හදන්නෙ රුසියානු රාජ්‍ය සමාගමක් විසින්. මේ වෙනකොට මේකෙ units 2ක් හදලා ක්‍රියාත්මක තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේකෙ 2000MW ක Installed capacity එකක් තියෙනවා (අපේ නොරොච්චෝලෙ 900MW). හැබැයි Cooling වගේ auxiliary power consumption ටික අයින් කරාම මේකෙන් ඇත්තටම පද්ධතියට ලබාදෙන්නෙ මෙගාවොට් 1864...

කිරි - Milk

Image
තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.. ________________________________________ පිටිකිරි පිටිකිරි ගැන කතා කරන්න නම් මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මොකද ඒ ගැන කතා කරන වෙලාවත් අපරාදෙ. පිටිකිරි කියල විකුණන්නෙ නිකන්ම නිකං රොඩ්ඩක්. පරීක්ෂණාත්මකව සනාථ වුණත් නොවුනත් මෙලමයින්, පාම් තෙල්, ඌරු තෙල් සහ කෘතිම ලැක්ටෝස් තියෙන බවත් කිරි නැති බවත් බොහොම ප්‍රසිද්ධ මතයක්. එහෙම බැලුවම පිටිකිරි බොන එකයි සුදු පාට ඩයි එකක් වතුරෙ දිය කරගෙන බොන එකයි අතරෙ වෙනසක් නෑ. මාගරින් කියල හිතාගෙන අරගන්න Fat Spread එකත් ඔය වගේම තමයි. ඊළඟ පාර ගන්නකොට බලන්නකො පෙට්ටියෙ කොහෙවත් "ෆැට් ස්ප්‍රෙඩ්" කියල මිසක් "මාගරින්" කියල ඕකෙ ගහල තියෙනවද කියලා. ඒවා මාගරින් නෙමෙයි. ඔය 2ම ශරීරයට අහිතකර වුණොත් ම්සක් කිසිසේත්ම හිතකර දේවල් නම් නෙමෙයි. ________________________________________ දියර කිරි (Fresh Milk) කිරිපිටි කියන්නෙ බො...

කොරෝනාවයිරසය FAQ - Coronavirus FAQ

Image
Coronavirus එක ගැන සහ ඒකෙ ප්‍රතිඵල ගැන දැන් හැමෝම වගේ දැනුවත්නෙ. ඒ නිසා වැඩි විස්තර නැතුව අතුරු ප්‍රශ්න කීපයකට උත්තර විතරක් කියන්නම්.. ______________________________________ වූහාන් වල වයිරසයෙ ඇත්ත නම.. coronavirus කියන්නෙ humanrhinovirus වගේම "වයිරස් කාණ්ඩයක්". "එක වයිරසයක්" නෙමෙයි. Group එකක්. කොරෝනා වයිරස් වලට අයත් වයිරස් ගොඩක් තියෙනවා. ඉස්සර ආපු SARS අයිති වුණෙත් coronavirus group එකටමයි. දැන් මේ චීනෙන් වාර්තාවුණ coronavirus එකට නම තිබ්බෙ 2019-nCoV (nCoV කියන්නෙ novel coronavirus) කියලා. ඒක තමයි මේකෙ නම. මේක මෙහෙම හොයාගත්තෙ පළවෙනි පාරට. ______________________________________ ලෙඩේට හේතුව.. මුලින්ම සැක කරා මේක පටන්ගත්තෙ මත්ස්‍ය තොග වෙළඳපොළක් ආශ්‍රිතව මුහුදු ක්ෂීරපායින්ගෙන් බවට. පස්සෙ ඒ කතාව වෙනස් වෙලා chinese cobra තමයි චූදිතයා වුණේ. හැබැයි ඊට පස්සෙ ඒකත් වෙනස් වෙලා චීනයේ සම්ප්‍රදායික වවුල් සුප් එකක් දක්වා කතාව දුරදිග ගියා. මේ වෙනකොට පිළිගන්නෙ මේ ලෙඩේ වවුලන්ගෙන් පැතිරුණ බවට. හැබැයි ඒකත් තාම තහවුරු වෙලා නෑ. ඒ කියන්නෙ රෝග...

ගෝලීය උණුසුම

Image
නව වසර උදාව ඔස්ට්‍රේලියාවට නම් එතරම් හිතකර වුණේ නෑ. ඇමේසන් ගින්න ඉවරවුණා විතරයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාව දැවැන්ත ලැව්ගින්නකින් පීඩා විඳිනවා. ඇයි ලෝකයට මෙහෙම වුණේ? ඒ ගැන කතා කරන්න කලින් ප්‍රවේශයක් ගන්න පොඩ්ඩක් ඕස්ට්‍රේලියාවේ මේ ඡායාරූප ටික බලල ඉමු.. මේ ඕස්ට්‍රේලියාවට මේ වෙනකොට ලැව්ගින්න බලපාලා තියෙන හැටි.. මේ වෙනකොට අක්කර මිලියන 15ක භූමියක් ගිණිගෙන අවසන්. අධික සුළං සහ අකුණු නිසා ගින්න බොහොම දුරට වේගයෙන් පැතිරෙමින් පවතිනවා. තවමත් ගින්න ඉවරවෙන පාටක් වත් නෑ.. හැබැයි මනුෂ්‍යත්වය ගිණිගත්තෙ නෑ. ගින්නට අහුවුණ සතුන් බේරගන්න ගොඩක් මිනිස්සු එකතු වුණා.. මේ තියෙන්නෙ ගිණි නිවන භටයින් කරපු අසමසම කැපකිරීම් වලින් බිඳක්.. මේ අය හැමෝම ගින්න මැදට ගියෙ තමන්ට ආපහු පණපිටින් එන්න ලැබෙයිද කියන එකත් ස්ථිර නැතුව.. හැබැයි කාටවත් බේරගන්න බැරිවුණ අහිංසක ජීවිත ගොඩකට පණපිටින් පිළිස්සෙන්න සිදුවුණා..  ඊළඟ ඡායාරූප කිහිපය සංවේදී අය නොබලන තරමට හොඳයි.. ...