තරු නිවි නිවි පත්තු වෙන්නයි ග්‍රහලෝක එහෙම නොවෙන්නයි හේතුව - Why Stars Twinkle & Planets do not..
පොඩි කාලෙ මතකද ඉගෙනගත්තා රෑ අහසෙ පෙනෙන ආකාශ වස්තු අතරින් තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න හැටි? ක්‍රමය තමයි තරු පේන්නෙ නිවෙනවා පත්තු වෙනවා වගේ (blink වෙවී). හැබැයි ග්‍රහලෝක වලින් ලැබෙන එළිය එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඔය ක්‍රමයට රෑ අහසෙ තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න දැනගෙන හිටියට එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගෙන හිටියද? එක රටක් එක නීතියක් කිව්වට ඇයි එක්කෙනෙක් විතරක් blink වෙන්නෙ? අද කතාව ඒ ගැන. මහන්සි වෙලා ලියන ලියන එක හොරකම් කරලා යටින් තමන්ගෙ නම දාගෙන තමන්ගෙ වගේ පළකරන අය ලොකු ප්‍රමාණයක් හිටපු නිසා ආපහු blog එක ලියන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. හැබැයි රෑ අහස දැක්කම එක්කො මේකත් ලියන්න ඕන කියල හිතුනා. මොකද මේක පොඩි කාලෙ මටත් තිබුණ දැවෙන ප්‍රශ්නයක් නිසා. ඉතින් මාස 5කට පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න ආවා.. මුලින්ම කියන්න ඕන තරුත් ඇත්තටම නිවි නිවි පත්තු වෙන්නෙ නෑ එක දිගටම එළිය දෙනවා මිසක්. හැබැයි අපේ වායුගෝලය නිසා අපිට තරු පේන්නෙ නිවි නිවි පත්තු වෙන හැටියට. ඒක වෙන්නෙ මෙහෙම. තරු තියෙන්නෙ ගොඩාක් ඈතනෙ. එතකොට අපිට නිරීක්ෂණය වෙන්නෙ pinpoints හැට්යට. මේ රූප සටහනේ හැටියට තරු එළිය අපේ වායුගෝලයට එ...