රේල් පාර උඩ නතරවෙන කාර්
ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?? මේක ගැන පහුගිය දවසක ඇතිවුණ සංවාදයකට මමත් පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා. එතන හිටපු ගොඩක් අයගෙ අදහස වුණේ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බව. මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු. ================ කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා... සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්... කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙන...