තරු වල කතාව 5 | කළු කුහර
විශ්වයේ තියෙන්නෙ අපි කලින් කතා කරපු ජාතියෙ තාරකා විතරක් නෙමෙයිනෙ. විශ්වයේ ඉතා දැවැන්ත ස්කන්ධයන් සහිත තාරකා තිබෙනවා. හැබැයි උපරිම ස්කන්ධය සූර්ය ස්කන්ධ ඒකක 100ක් විතරයි . ඊට වඩා වැඩි ස්කන්ධයෙන් යුත් තරු බිහිවෙන්නත් කලින්ම පුපුරල විනාශ වෙනවා. මේවා තුල ඇති අධික උෂ්ණත්වය නිසා මේ වගේ විශාල තාරකා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් දහනය වීමේ සීඝ්‍රතාවය ඉතාම වැඩියි. ඒ නිසා තරුවේ ආයුකාලයත් සාපේක්ෂව අඩුයි. තරුවක ස්කන්ධය හා ආයුකාලය ප්‍රතිලෝම සමානුපාතිකයි. ඉතින් ඉන්ධන ඉවර වුණාම කලින් කතාවෙ වගේ මෙයාලත් හැකිලෙන්න පටන්ගන්නවා.. දැන් අපි ඒ කතාව එහෙමම තියල පොඩ්ඩක් A/L වලට යමු. මතකයිනෙ වියෝග ප්‍රවේගය (Escape Velocity)? යම්කිසි ග්‍රහලෝකයක් මත තිබෙන වස්තුවකට එහි ගුරුත්වාකර්ෂණය මැඩගෙන ගොස් ග්‍රහලෝකයෙන් ඉවත්වීමට වස්තුවට ලබාදිය යුතු අවම ප්‍රවේගයනෙ වියෝග ප්‍රවේගය කිව්වෙ. පෘථිවියේ නම් වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11.19ක්. ග්‍රහ වස්තුවේ ස්කන්ධ ඝනත්වය වැඩි වෙන තරමට ඒ මත වියෝග ප්‍රවේගයත් වැඩියි. සූර්යයාගෙ ස්කන්ධය පෘථිවියට සාපේක්ෂව ඉතාම වැඩියිනෙ. එයාගෙ පෘෂ්ඨය මත වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීට...