Posts

Showing posts with the label Stars

තරු වල කතාව 5 | කළු කුහර

Image
විශ්වයේ තියෙන්නෙ අපි කලින් කතා කරපු ජාතියෙ තාරකා විතරක් නෙමෙයිනෙ. විශ්වයේ ඉතා දැවැන්ත  ස්කන්ධයන් සහිත තාරකා තිබෙනවා. හැබැයි උපරිම ස්කන්ධය සූර්ය ස්කන්ධ ඒකක 100ක් විතරයි . ඊට වඩා වැඩි ස්කන්ධයෙන් යුත් තරු බිහිවෙන්නත් කලින්ම පුපුරල විනාශ වෙනවා. මේවා තුල ඇති අධික උෂ්ණත්වය නිසා මේ වගේ විශාල තාරකා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් දහනය වීමේ සීඝ්‍රතාවය ඉතාම වැඩියි. ඒ නිසා තරුවේ ආයුකාලයත් සාපේක්ෂව අඩුයි. තරුවක ස්කන්ධය හා ආයුකාලය ප්‍රතිලෝම සමානුපාතිකයි. ඉතින් ඉන්ධන ඉවර වුණාම කලින් කතාවෙ වගේ මෙයාලත් හැකිලෙන්න පටන්ගන්නවා.. දැන් අපි ඒ කතාව එහෙමම තියල පොඩ්ඩක් A/L වලට යමු. මතකයිනෙ වියෝග ප්‍රවේගය  (Escape Velocity)? යම්කිසි ග්‍රහලෝකයක් මත තිබෙන වස්තුවකට එහි ගුරුත්වාකර්ෂණය මැඩගෙන ගොස් ග්‍රහලෝකයෙන් ඉවත්වීමට වස්තුවට ලබාදිය යුතු අවම ප්‍රවේගයනෙ වියෝග ප්‍රවේගය කිව්වෙ. පෘථිවියේ නම් වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11.19ක්. ග්‍රහ වස්තුවේ ස්කන්ධ ඝනත්වය වැඩි වෙන තරමට ඒ මත වියෝග ප්‍රවේගයත් වැඩියි. සූර්යයාගෙ ස්කන්ධය පෘථිවියට සාපේක්ෂව ඉතාම වැඩියිනෙ. එයාගෙ පෘෂ්ඨය මත වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීට...

තරු වල කතාව 4 | නියුට්‍රෝන තාරකා

Image
කලින් ලිපි කිහිපයේම අපි කතා කරේ අඩු සූර්ය ස්කන්ධ ඒකක ගණනක ස්කන්ධයක් සහිත තාරකා වල ජීවන චක්‍රය ගැන. දැන් අපි කතා කරන්න යන්නෙ ඊට වඩා ටිකක් විශාල, ඒ කියන්නෙ සූර්ය ස්කන්ධ ඒකක එකහමාරකට පමණ වඩා වැඩි ස්කන්ධයක් සහිත තරු වල කතාව ගැන. මුලින්ම බලමු මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් සහිත තරු වලට වෙන දේ. කලින් කුඩා තාරකා ගැන කතා කරා වගේම මෙයාලගෙත් හයිඩ්‍රජන් විලයනය තමයි වෙන්නෙ. හැබැයි පොඩි පොඩි තාරකා වල වගේ නෙමෙයි මෙයාලගෙ හරයෙ තියෙන්නෙ ඉතාම අධික උෂ්ණත්වයක් . කොච්චර ලොකු උෂ්ණත්වයක්ද කිව්වොත් හයිඩ්‍රජන් විලයනය වෙන අතරෙම හීලියමුත් විලයනය වෙනවා ! හීලියම් විලයනයෙන් හැදෙනවනෙ වෙනත් බර මූලද්‍රව්‍යයන්. තරුව මැද තියෙන උෂ්ණත්වය වැඩිකමට ඒ හැදුන මූලද්‍රව්‍යත් ආපහු විලයනය වෙනවා ! කොහොමද උෂ්ණත්වය?? ඔහොම වෙලා ක්ෂණිකවම තරුවෙ ගුරුත්ව බලය එහි විකිරණ පීඩනය ඉක්මවා යනවා (ඔව් අර 2 වෙනි ලිපියෙ කියපු බල 2 තමයි ) ඒකෙන් වෙන්නෙ එකපාරටම මුළු තරුවම තමන් තුලටම කඩාවැටීම . මේ කඩාවැටීම කොච්චර ප්‍රභලද කිව්වොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල පීඩනයට වත් මේ කඩා වැටීම නතර කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකට ත...

තරු වල කතාව 3 | ද්විත්ව තරු

Image
කලින් අපි කතා කරානෙ වාමන තරු ගැන.. හැබැයි ඒකෙ තවත් පොඩි කතාවක් ඉතුරු වෙලා තියෙනව කියන්න. ඒ තමයි ද්විත්ව තරු (Binary Stars) .. මොකද මේ ද්විත්ව තරු වල අවසන් කටයුතු වෙන්නෙ ටිකක් වෙනස් ක්‍රමයකට. අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි අපිට පෙනෙන අහසෙ තියෙන දීප්තිමත්ම තාරකාව වන සිරියස් . සිරියස්ට ඉන්නව පොඩි සගයෙක්. අපි එයාට සිරිසේන කියමුකො (ඇත්ත නම Sirius B). මේ දෙන්නා තමයි ද්විත්ව තරු. හැබැයි සිරියස් අති ප්‍රභල තරුවක් වුණාට සිරිසේන නම් දැන් අභාවයට ගිය සුදු වාමන තාරකාවක්.. ඔන්න දැන් සිරියස්ගෙ කාලය අවසන් වෙනව කියල නිකමට හිතන්න. සිරියස් දැන් රතු යෝධ අවධියට  එනවා. ඒ කියන්නෙ හොඳට ප්‍රසාරණය වෙනවා. කොයි තරම් ප්‍රසාරණය වෙනවද කියනව නම් අර එයාගෙ වාමන සගයා දක්වා ප්‍රසාරණය වෙනවා . ඒකෙන් වෙන්න සිරියස්ගෙන් පිටවෙන වායු වළාවන් තොගයක් යනවා අර සුදු වාමන තරුවට. දැන් මේ වායු ඔක්කොම අධික තාපය හමුවේ ක්ෂණිකව න්‍යෂ්ටික විලයනය වෙලා දැවැන්ත න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරල යනවා . මේ පිපිරීමෙන් නිකුත් වන ශක්තිය සූර්යයාගෙන් පිටවන ශක්තිය වගේ මිලියන ගුණයකටත් වැඩියි. හිතාගන්නකො තරම. (ඕක කොච්චර ලොකුද...

තරු වල කතාව 2 | වාමන තරු

Image
ඔන්න දැන් අපි ළඟ තරුවක් තියෙනවා. අපේ සූර්යයාත් අපි ඉන්න මන්දාකිණිය වන ක්ෂීරපථයෙ (milky way) තියෙන ප්‍රධාන තරු 100 අතර ඉන්නෙ. තද තද නේද? 😎 ඔය වගේ තරු ට්‍රිලියන ගානක් විශ්වයේ තියෙනවා. අපේ milky way එකේ විතරක් තරු බිලියන 100ක් තියෙනවා. ඉතින් හිතාගන්නකො විශ්වයේම තියෙන තරු ගාණ ගනන් කරන්න පුළුවන් වෙයිද කියල. ඔය තරු වල ස්කන්ධය කිලෝ ග්‍රෑම් වලින් මනින්න බෑනෙ. එතකොට එන සංඛ්‍යාව ලිව්වම කිලෝමීටරයක් විතර දිගට එන නිසා එහෙම මනින එක ප්‍රායෝගික නෑ. ඒ නිසා අළුත් ඒකකයක් ඕන වුණා. ඒකට හදාගත්ත ඒකකය තමයි සූර්ය ස්කන්ධ ඒකකය  කියන්නෙ. ඒ කියන්නෙ යම්කිසි තරුවක ස්කන්ධය අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ කීගුණයක්ද  කියන එක. ඔය ස්කන්ධය මත තරුවක අවසාන කාලය තීරණය වෙනවා . ඒ කියන්නෙ තරුව මියයන්නෙ කොහොමද මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ ඒ තරුවෙ ස්කන්ධය. සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු , ඒ කියන්නෙ අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ 1.4 ගුණයකට වඩා අඩු ස්කන්ධයක් තියෙන තරු මියගියාට පස්සෙ පත්වෙන්නෙ සුදු වාමන තරු (White Dwarf) කියල එකක් බවට. අපේ ඩයල් එකටත් දවසක වෙන්නෙ ඒකම තමයි. එතකොට සූර්ය ස්කන්ධ ඒකක...

තරු වල කතාව 1 | සූර්යයා

Image
විශ්වයෙ තැන් තැන් වල තියෙනව ලොකූ වායු වළාකුළු. මේව වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ හයිඩ්‍රජන් හීලියම් වගේ මූලද්‍රව්‍ය. ඉතින් මේ අභ්‍යාවකාශයේ පාවෙවී ඉන්න වායු වළාවක් එක තැනකට ඒකරාශී වෙලා ගුලිගැහෙන්න බලනවා. ඒක වෙන්නෙ ගුරුත්වය නිසා. ඒ වගේම අවස්ථිතිය නිසා ඒ වායු බෝල කැරකෙන්න එහෙමත් පටන්ගන්නවා. ඔන්න දැන් අපි ලඟ අහසෙ පාවෙන වායු බෝලයක් තියෙනවා. ඒත් ඕක තරුවක් වෙන්නෙ කොහොමද? මං කලින් කිව්වනෙ ඔතන තියෙන්නෙ හයිඩ්‍රජන් හා හීලියම් වායු කියල. ඔන්න දැන් මේ වායු බෝලය ගුරුත්වය නිසා අතිශය සම්පීඩනය වෙන්න ගන්නවා. දන්නවනෙ pressure cooker එක ගැන. ඒක ඇතුලෙ පීඩනය වැඩි නිසා වතුර 90°C දි විතර නටන්න ගන්නවා. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේ. උස කන්දක් උඩ වායුගෝලීය පීඩනය අඩු නිසා වතුර නටන්නෙ 105°Cදි විතර. සාරාංශය බැලුවම පීඩනය වැඩි නම් අඩු උෂ්ණත්වයකදි වුණත් දහනය වෙනවා. අර අපේ වායු බෝලය තුලත් දැන් හයිඩ්‍රජන් දහනය වෙන්නයි හදන්නෙ. දහනය කිව්වට දහනයක්ම නෙමෙයි. න්‍යෂ්ටික විලයනයක් . ඒ කියන්නෙ පරමාණු 2ක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන වර්ගයක තනි පරමාණුවක් හැදෙනවා. හැබැයි ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද ඒකට පරමාණු වල...