Posts

Showing posts with the label General Science

උත්තරේ 1 ද? 9 ද?

Image
උත්තරේ 1 ද? 9 ද? 6÷2(2+1)... මේක ගණිත ලෝකයේ ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඔයාගෙ ගණිත දැනුම අනුව මේකට උත්තරේ මොකක්ද? 90%කට වඩා කියන්නෙ උත්තරේ 1 කියලා. හැබැයි ඉතින් හරි උත්තරේ නම් 9 .. මොකක්? එතකොට පොඩි කාලෙ ඉගෙනගත්ත වන්බෙගුදරි??? Casio වලට කොහොමද වරදින්නෙ?? කලබල නැතුව ඉතුරු ටිකත් කියවන්නකො. බනින්න කලින් ඔක්කොම කියවල ඉන්න. 6÷2(2+1) කියල ගැහුවම Casio එකේ උත්තරේ ගන්නෙ මෙන්න මේ රූපෙ හැටියට.  ඒ කියන්නෙ බෙදීමේ ලකුණ ගහපු ගමන් එතනින් එහා ඔක්කොම ඉරෙන් යටට දානවා. ඒක තමයි පරණ ක්‍රමය. හැබැයි ඒක outdated. ඒත් සාම්ප්‍රදායික බව හා සමහර advanced mathematics සංකල්ප වලට අවශ්‍ය නිසා casio තාමත් ඒ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද scientific calculators තියෙන්නෙ මේ වගේ දෙකයි පනහෙ සරල ගණිත ගැටළු විසඳන්න නෙමෙයිනෙ. ඒක නිසා සරළ ගණිතයේදි මේ කැසියෝ උත්තරේ යල්පැනගිහින්.. Casio scientific calculator එකේ "  ÷  " ලකුණ ගහපු ගමන් මෙන්න මේ අමතර වරහන් 2ත් වැදිලා මුළු කෑල්ලම ඉරෙන් යටට යන විදිහටයි මේක programme කරල තියෙන්නෙ. ඒත් ඒ වරහන් 2 display එකේ පෙන්නන්නෙ නැත...

හීන ලෝකය

Image
මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ . එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු  මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන .. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල  ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන. පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු. නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි ...

ලෝක සිතියමේ නැති පාවෙන දූපත

Image
ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත. මේක එහෙම එකක් නෙමෙයි මේක මුහුදෙ පාවෙන දූපතක්. මේක කෘත්‍රිම දූපතක්. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ? මොකද මේක පාවෙන කසළ දූපතක්! ලෝකෙ එක එක රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැහෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන. මේ තමයි The Great Pacific Garbage Patch . මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.6ක් . ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තව ටිකක් තේරෙන්න කිව්වොත් මේක ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකු...

DeJa Vu | අමතක මතකයන්

Image
යම්කිසි සිදුවීමක් වුණාට පස්සෙ මේක මීට කලිනුත් මේ විදියටම වුණා වගේ දැනෙනවා. කවදාවත් නොගිය තැනකට ගියාමත් මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා වගේ මතකයක් එනවා. ඒත් කොච්චර මතක් කරත් ඒක සිදුවුණේ කවදද කියල මතක් කරගන්නම බැහැ. ඔයත් සමහරවිට මේ අත්දැකීම ජීවිතේ එක පාරක් හරි විඳල ඇති. මෙහෙම වෙන්නෙ ඇයි? පෙර භවයේ මතකයක් නිසාද? නැත්තං ඒක හීනයක්ද? ඒ ගැන තමයි අද මම කියන්න යන්නෙ.. මේ සංසිද්ධියට කියන්නෙ   déjà vu  (ඩේජා වූ) කියලා. ඒක ප්‍රංශ වචනයක්. තේරුම තමයි already seen (දැනටමත් දැකපු) කියන එක. මේක ගැන 2003 වසරෙදි Psychological Bulletin කියන journal එකෙන් කරපු සමීක්ෂණයකට අනුව හැම 3 දෙනෙකුගෙන් දෙදෙනෙක්ම මේ අත්දැකීම විඳල තියෙනවා. මේක අපේ මොළයෙ පොඩි ප්‍රශ්නයක්. DeJa Vu තත්වයක් ඇතිවෙන්න සාමාන්‍යයෙන් වයස අවුරුදු 10ක් වත් වෙන්න ඕනෙලු. ඔය තත්වය ඇතිවෙන්න හේතු ගොඩක් බලපානවා. අපි හේතු කිහිපයක් එකින් එක සලකා බලමු. 1) ඔයා ගොඩක් පොඩි කාලෙ ඔයාගෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණු පිළිවෙල මතකද? නැහැ නේද? ඔයා පෙරේදා රෑට කෑවෙ මොනවද කියල වත් ඔයාට මතකද? ඉතින් එහෙම එකේ පොඩි කාලෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණ පිළි...

අකුණු

Image
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ. ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා. වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා. ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින්...

හොල්මන් පෙනෙන හැටි

Image
ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ? කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ. පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි. පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම . ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා . ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැ රණි මතකයන් එක්ක සසඳා බැලීම . මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල ද...