DeJa Vu | අමතක මතකයන්
යම්කිසි සිදුවීමක් වුණාට පස්සෙ මේක මීට කලිනුත් මේ විදියටම වුණා වගේ දැනෙනවා. කවදාවත් නොගිය තැනකට ගියාමත් මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා වගේ මතකයක් එනවා. ඒත් කොච්චර මතක් කරත් ඒක සිදුවුණේ කවදද කියල මතක් කරගන්නම බැහැ. ඔයත් සමහරවිට මේ අත්දැකීම ජීවිතේ එක පාරක් හරි විඳල ඇති. මෙහෙම වෙන්නෙ ඇයි? පෙර භවයේ මතකයක් නිසාද? නැත්තං ඒක හීනයක්ද? ඒ ගැන තමයි අද මම කියන්න යන්නෙ.. මේ සංසිද්ධියට කියන්නෙ déjà vu (ඩේජා වූ) කියලා. ඒක ප්රංශ වචනයක්. තේරුම තමයි already seen (දැනටමත් දැකපු) කියන එක. මේක ගැන 2003 වසරෙදි Psychological Bulletin කියන journal එකෙන් කරපු සමීක්ෂණයකට අනුව හැම 3 දෙනෙකුගෙන් දෙදෙනෙක්ම මේ අත්දැකීම විඳල තියෙනවා. මේක අපේ මොළයෙ පොඩි ප්රශ්නයක්. DeJa Vu තත්වයක් ඇතිවෙන්න සාමාන්යයෙන් වයස අවුරුදු 10ක් වත් වෙන්න ඕනෙලු. ඔය තත්වය ඇතිවෙන්න හේතු ගොඩක් බලපානවා. අපි හේතු කිහිපයක් එකින් එක සලකා බලමු. 1) ඔයා ගොඩක් පොඩි කාලෙ ඔයාගෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණු පිළිවෙල මතකද? නැහැ නේද? ඔයා පෙරේදා රෑට කෑවෙ මොනවද කියල වත් ඔයාට මතකද? ඉතින් එහෙම එකේ පොඩි කාලෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණ පිළි...