තරු වල කතාව 4 | නියුට්‍රෝන තාරකා

කලින් ලිපි කිහිපයේම අපි කතා කරේ අඩු සූර්ය ස්කන්ධ ඒකක ගණනක ස්කන්ධයක් සහිත තාරකා වල ජීවන චක්‍රය ගැන. දැන් අපි කතා කරන්න යන්නෙ ඊට වඩා ටිකක් විශාල, ඒ කියන්නෙ සූර්ය ස්කන්ධ ඒකක එකහමාරකට පමණ වඩා වැඩි ස්කන්ධයක් සහිත තරු වල කතාව ගැන.

මුලින්ම බලමු මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් සහිත තරු වලට වෙන දේ.

කලින් කුඩා තාරකා ගැන කතා කරා වගේම මෙයාලගෙත් හයිඩ්‍රජන් විලයනය තමයි වෙන්නෙ. හැබැයි පොඩි පොඩි තාරකා වල වගේ නෙමෙයි මෙයාලගෙ හරයෙ තියෙන්නෙ ඉතාම අධික උෂ්ණත්වයක්. කොච්චර ලොකු උෂ්ණත්වයක්ද කිව්වොත් හයිඩ්‍රජන් විලයනය වෙන අතරෙම හීලියමුත් විලයනය වෙනවා!

හීලියම් විලයනයෙන් හැදෙනවනෙ වෙනත් බර මූලද්‍රව්‍යයන්. තරුව මැද තියෙන උෂ්ණත්වය වැඩිකමට ඒ හැදුන මූලද්‍රව්‍යත් ආපහු විලයනය වෙනවා!
කොහොමද උෂ්ණත්වය??

ඔහොම වෙලා ක්ෂණිකවම තරුවෙ ගුරුත්ව බලය එහි විකිරණ පීඩනය ඉක්මවා යනවා (ඔව් අර 2 වෙනි ලිපියෙ කියපු බල 2 තමයි )

ඒකෙන් වෙන්නෙ එකපාරටම මුළු තරුවම තමන් තුලටම කඩාවැටීම.

මේ කඩාවැටීම කොච්චර ප්‍රභලද කිව්වොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල පීඩනයට වත් මේ කඩා වැටීම නතර කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකට තදවෙලා නියුට්‍රෝනයක් බවට පත්වෙන එක!

මේ විදියට තරුවෙ මුළු හරයම තනිකරම නියුට්‍රෝන බවට පත්වෙනවා. දැන් තව දුරටත් කඩා වැටෙන්න බෑ. 

දැන් මොකද වෙන්නෙ?

හරයට පිටින් තියෙන වායූන් ඔක්කොම අධික ලෙස රත්වෙලා ක්ෂණිකවම මහා දැවැන්ත පිපිරුමක් ඇති කරමින් තාරකාව පුපුරා යනවා.

මේවට තමයි සුපර් නෝවා පිපිරීම් කියන්නෙ.. (කලින් 3 ලිපියෙ නෝවා පිපිරීම් ගැන කතා කරා මතක ඇතිනෙ)


මේ දැවැන්ත පිපිරුමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ අර තනිකරම නියුට්‍රෝන වලින් හැදිච්ච හරය (core) විතරයි. ඕකට තමයි කියන්නෙ නියුට්‍රෝන තාරකාවක් කියලා. අධික උෂ්ණත්වය නිසා ඕක අවුරුදු මිලියන ගානක් දිලිසෙනවා.

සාමාන්‍යයෙන් මේකෙ විශ්කම්භය කිලෝමීටර් සිය ගණනක් විතරයි. පෘථිවියේ විශ්කම්භයත් කිලෝමීටර් 12800ක්නෙ.



එතකොට අර පිපිරීමට ලක්වුණු වායු ගොඩට මොකද වුණේ??

පිපිරුමේ අධික තාපය නිසා ඒවා තව තවත් කිහිප වරක් විලයනය වෙලා යකඩ වගේ බරින් වැඩි මූලද්‍රව්‍ය බිහිවෙනවා. අපි වගේ ග්‍රහලෝක හැදිල තියෙන්නෙත් ඔය වගේ තරු වල දූවිලි එකතු වෙලා තමයි.

ඔය හැමදේටම වඩා විශ්වයේ තිබෙන පුදුමාකාරම හා තවමත් බොහෝ දේ සොයා නොගත් දෙයක් තමයි කළු කුහර කියන්නෙ. තරුවක් නිසා කළු කුහරයක් හැදෙන හැටි ඊළඟ ලිපියෙන් කියන්නම්.

- Rehan

ස්තුතිය Rezor Kenway

Comments

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය