H Y P E R L O O P | අනාගතයේ ප්‍රවාහනය

මෙය මෝටර් රථයක්, දුම්රියක් හෝ උමං දුම්රියක් නොවේ. නැවක්, බෝට්ටුවක් හෝ ගුවන්යානයක්ද නොවේ. මෙය මෙතෙක් ලෝකයේ නොතිබුණු නවතම ප්‍රවාහන මාධ්‍යයකි. මෙය තරමක් හෝ නෑකම් කියන්නේ ජර්මනියේ, රුසියාවේ, චීනයේ, ජපානයේ හා ප්‍රංශයේ ඇති MAGLEV (Magnetic Levitation) දුම්රිය වලටය. මෙය නලයක් තුල ගමන්ගන්නා කැප්සියුලයකි.

නමින් මෙය  HYPERLOOP  වේ..


- Hyperloop -

මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ Tesla Motors (ලොව විශාලම විදුලි මෝටර් රථ සමාගම) , PaypalSpaceX (ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයන්නේ මෙම ආයතනයෙන් වන අතර අනාගතයේ අඟහරු මත ජනාවාස ගොඩනගන්නේද මොවුන්ය), The Boring Company (Hyperloop ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උමං මාර්ග සකසන්නේද මෙම සමාගමෙන් වන අතර ඔවුන්ගේ අදහස අනාගතයේදී මෙම සමාගම භාවිතා කර පොළොව යට උස මට්ටම් 30කට උමං මාර්ග සකසා ඒවායේ වාහන ගමන් කරවීමයි.), Solar City (දකුණු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙගාවොට් පැය 129 ක ලොව විශාලතම බැටරිය දින 100ක් තුල නිපදවන බවට හා තමාට එසේ කල නොහැකි වුවහොත් මුළු ව්‍යාපෘතියම නොමිලේ කරන බවට ඔට්ටු අල්ලා එය දින 100ක් තුල සාර්ථකව නිපදවා අවසන් කලේද මොවුන්ය), Hyperloop හා OpenAI (කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත පර්යේෂණ) ආදී ව්‍යාපාර රැසක ප්‍රධාන විධායක නිලධාරියා වන, "සැබෑ ලෝකයේ අයන් මෑන්", "කල නොහැක්කක් නොමැති මිනිසා" යන අනවර්ථ නාමයන්ගෙන් හැඳින්වෙන, වර්තමාන ලෝකයේ සිටින දක්ෂතම ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක් (Elon Musk) බැවින් Hyperloop යනු අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේදීම සැබෑ වන සිහිනයක් බවට කිසිඳු සැකයක් නැත.

- Elon Musk -


Hyperloop තාක්ෂණය

ප්‍රායෝගිකව ඉදිකිරීම තරමක් අපහසු වුවත් විද්‍යාව තරමක් හෝ දන්නා අයෙකුට මෙහි මූලික සංකල්පය ඉතාම සරල එකක් බව වැටහෙනු ඇත. මෙහිදී මාර්ගය ලෙස භාවිතා කෙරෙන්නේ සංවෘත නලයකි. නලය තුල පීඩනය රික්තයකට ආසන්න වනතෙක් මෙම නලය තුල ඇති වාතය ඉවතට පොම්ප කෙරේ. සාමාන්‍ය වාහනයක චලිතයට එරෙහිව එල්ල වන ප්‍රධාන බාහිර බල 2ක් වන්නේ

  1. වායු ප්‍රතිරෝධය
  2. මාර්ගයත් රෝදත් අතර ඝර්ෂණය


මෙහිදී නලය තුල වාතය ඉවත්කර ඇති බැවින් කැප්සියුලයේ චලිතයට එරෙහිව වායු ප්‍රතිරෝධයක් නැත. රෝද රහිත බැවින් ඝර්ෂණයක්ද නොමැත. එබැවින් මෙය අතිශය කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයකි.



ඉදිරි චලිතය

මෙම නලය තුල ගමන් ගන්නා කැප්සියුලය පොළොවත් සමග සම්බන්ධ වන්නේ නැත. මෙය කැප්සියුලයේ පහළ කොටසින් එල්ල වන වායු ප්‍රවාහයක් මගින් නිර්මාණය කරනු ලබන air cushion එකක් මත hovercraft එකක් මෙන් පාවෙමින් පවතී.



ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය ත්වරණය ලබාගන්නේ අංශු ත්වරකයක මෙන් නලයේ ස්ථාන කිහිපයකින් ලබාදෙන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වලිනි. මාධ්‍යය තුල චලිතයට එරෙහි ප්‍රතිරෝධී බල නැති තරම් නිසා උපරිම වේගයට ලඟා වූ පසු කැප්සියුලය කිසිදු ශක්ති පරිභෝජනයකින් තොරව අවශ්‍ය තරම් දුරකට ඉදිරියට ගමන් කරන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදුනු යානයක් නිදහසේ විශ්වයේ පාවී යන ආකාරයටය.

තිරිංග පද්ධතිය

මෙය 100%ක්ම පොළොවෙන් මිදුණු කැප්සියුලයක් නොවේ. නලය තුල ගමන්ගන්නා විට කැප්සියුලය නලයේ බිත්ති මත නොගැටී ගමන් කිරීමට හා මෙවැනි නල ජාලයක් තුල ගමන් කරන විට කැප්සියුලය නිසි මාර්ගයේ යැවීම සඳහා මෙම නලය පුරාවටම කුඩා guiding rail එකක් පවතී. කැප්සියුලය තිරිංග ලබාගැනීම සිදුකරන්නේද මෙම පීල්ල මත සිය braking system එක  තද කිරීමෙනි.

- Guiding Rail -
- Braking Disk -


වේගය හා ගමන් වියදම

මෙහි (Hyperloop | One) මූලික අත්හදාබැලීම් පසුගියදා නෙවාඩා කාන්තාරයේදී සාර්ථකව සිදුකරනු ලැබීය.



තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 1140ක් පමණ (760 mph) වනු ඇති බවට සඳහන්ය. ලොස් ඇන්ජලිස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ අතර කිලෝමීටර් 570ක පමණ ගමනට කැලිෆෝනියා අධිවේගී දුම්රියට පැය 2කුත් විනාඩි 40ක් ගත වන අතර Hyperloop භාවිතා කර මෙම දුර ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 30ක් පමණි.

කැලිෆෝනියා අධිවේගී දුම්රිය පද්ධතියේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 68ක් වන අතර එම දුරම Hyperloop එකක් ඉදිකිරීමට වැයවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණි.

කැලිෆෝනියා අධිවේගී දුම්රියේ මෙම දුර සඳහා මගී ප්‍රවේශ පත්‍රයක වටිනාකම ඩොලර් 105ක් වන අතර Hyperloop සඳහා එය ඩොලර් 20ක් පමණක් වනු ඇත.

තවද එක් මගියෙකු ලොස් ඇන්ජලිස් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා ගෙන යාමට කැලිෆෝනියා අධිවේගී දුම්රිය වැය කරන ශක්තිය ආසන්නව මෙගා ජූල් 870ක් පමණ වුවද Hyperloop ඒ සඳහා වැය කරන්නේ ආසන්නව මෙගා ජූල් 70ක පමණ සුළු ශක්තියක් පමණි.



- Interior -

මේ අනුව බැලූ විට ඔබට රැකියා ස්ථානයේ සිට නිවසට එනවාටත් වඩා ඉක්මණින් හා අඩු වියදමින් ලෝකයේ එක් කොණක සිට අනෙක් කොණට ගමන් කල හැකි දවසක් ලඟදීම උදාවන බව හොඳින්ම පැහැදිලිය.

- Rehan Mendis

(https://diaryofrehan.blogspot.com)

-  Proposed Hyperloop Hub in Mexico City-

- A Hyperloop Hub -

- Ultra Efficient Tunnel Boring Machines of the Boring Company -

- Ultra Efficient Tunnel Boring Machines of the Boring Company -

- The Future -


 < PREVIOUS          NEXT > 




Comments

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය