තරු වල කතාව 3 | ද්විත්ව තරු

කලින් අපි කතා කරානෙ වාමන තරු ගැන.. හැබැයි ඒකෙ තවත් පොඩි කතාවක් ඉතුරු වෙලා තියෙනව කියන්න. ඒ තමයි ද්විත්ව තරු (Binary Stars)..



මොකද මේ ද්විත්ව තරු වල අවසන් කටයුතු වෙන්නෙ ටිකක් වෙනස් ක්‍රමයකට. අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි අපිට පෙනෙන අහසෙ තියෙන දීප්තිමත්ම තාරකාව වන සිරියස්.

සිරියස්ට ඉන්නව පොඩි සගයෙක්. අපි එයාට සිරිසේන කියමුකො (ඇත්ත නම Sirius B). මේ දෙන්නා තමයි ද්විත්ව තරු. හැබැයි සිරියස් අති ප්‍රභල තරුවක් වුණාට සිරිසේන නම් දැන් අභාවයට ගිය සුදු වාමන තාරකාවක්..



ඔන්න දැන් සිරියස්ගෙ කාලය අවසන් වෙනව කියල නිකමට හිතන්න. සිරියස් දැන් රතු යෝධ අවධියට එනවා. ඒ කියන්නෙ හොඳට ප්‍රසාරණය වෙනවා. කොයි තරම් ප්‍රසාරණය වෙනවද කියනව නම් අර එයාගෙ වාමන සගයා දක්වා ප්‍රසාරණය වෙනවා.

ඒකෙන් වෙන්න සිරියස්ගෙන් පිටවෙන වායු වළාවන් තොගයක් යනවා අර සුදු වාමන තරුවට. දැන් මේ වායු ඔක්කොම අධික තාපය හමුවේ ක්ෂණිකව න්‍යෂ්ටික විලයනය වෙලා දැවැන්ත න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරල යනවා. මේ පිපිරීමෙන් නිකුත් වන ශක්තිය සූර්යයාගෙන් පිටවන ශක්තිය වගේ මිලියන ගුණයකටත් වැඩියි. හිතාගන්නකො තරම. (ඕක කොච්චර ලොකුද කියල හරියටම තේරෙන්න සූර්යයාගෙ අභ්‍යන්තරයෙ සිදුවෙන යුද්ධය ගැනත් ටිකක් දැනගෙන ඉන්න ඕන. ඒක වෙන දවසක කියන්නම්).

ඔය පිපිරීමට කියන්නෙ නෝවා පිපිරීම් කියලයි. (සුපර් නෝවා, හයිපර් නෝවා කියන්නෙ වෙන පිපිරීම් වර්ගයක්. ඒ ගැන ඊළඟ ලිපියෙන්).

විශ්වය කියන්නෙ කොච්චර පුදුම තැනක්ද කියනව නම් හැම නෝවා පිපිරුමකින්ම නිකුත් වෙන ශක්තිය එක සමානයිලු. මන්දාකිණි අතර දුර මනින්න මේ නෝවා පිපිරීම් යොදාගන්නවලු.

ඉතින් ඕක තමයි ද්විත්ව තරු වල ඉරණම. ඊළඟ ලිපියෙන් බලමු නියුට්‍රෝන තරු හා කළු කුහර හැදෙන හැටි.


-Rehan

ස්තුතිය Rezor Kenway

Comments

  1. හරි එතකොට ඔය උදාහරනය ගත්තෙ series ගෙන් නෙ. එටකොට ඔය සගය හෝ මුල් තාරකාව යන ඩෙකම එකවිට ඔය තත්වෙට පත් උනොත් . නැත්නම් ඩෙන්නම නියුටෝන තාරකා විමට හැකි තාරකා දෙකක් නම්. ( තවත් හිතනවම් වෙයි කියල හිතෙන පැති ගොඩක් තියනවනෙ ) එහෙම වෙනවම් වෙන දෙයක් තිතියනවනම් පැහැදිලි කරන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය