හොල්මන් පෙනෙන හැටි

ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ?

කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ.

පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි.

පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම. ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට.

දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා. ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට.

තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැරණි මතකයන් එක්ක සසඳා බැලීම. මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල දැනගන්නෙ එතනදි.

එතකොට හොල්මන් පේන්නෙ???

මේ හැම කොටසක්ම ක්‍රියා කරන්නෙ හෝමෝන උත්තේජනයන්ගෙන් (Hormone Stimulation). ඉතින් විද්‍යාඥයො මිනිසුන් කිහිපයක් යොදාගෙන පරීක්ෂණයක් කරා. ඒ අයගෙ මොළයේ මේ එක් එක් කොටස වැඩිපුර උත්තේජනය කරා.

පළමු කොටස උත්තේජනය කරපු අය කියන්න ගත්තා "රතු පාට එළියක් දැක්කා", "නිල් පාට එළියක් දැක්කා" වගේ දේවල්. හරියට දේවතා එළි වගේ.

දෙවෙනි කොටස උත්තේජනය කරපු අය කිව්වෙ සම්පූර්ණ රූපයක් ගැන. එයාල කිව්වෙ "ගෑණු කෙනෙක් දැක්කා", "වයසක මනුස්සයෙක් දැක්කා" වගේ දේවල්.

තුන්වෙනි කොටස එහෙමත් නැත්තං අර පරණ මතකයන් සසඳන කොටස උත්තෙර්ජනය කරපු අය කිව්වෙ "ආච්චි දැක්කා", "සීයා දැක්කා", නැත්තන් එක එක රටවල ජනශ්‍රැතියෙ එන මහසෝනා මෝහිනී වගේ අයව දැකපු ජාතියෙ කතා.

ඉතින් මේ හෝමෝන උත්තේජනය ස්වභාවිකවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අධික ලෙස නොපෙනෙන බලවේග විශ්වාස කරන අයට, හිත දුර්වල අයට, බයෙන් හෝ චකිතයෙන් සිටින අයට මේක නිකන්ම වෙන්න පුළුවන්.

"මම මෙච්චර කල් හොල්මන් විශ්වාස කරේ නෑ. ඒත් අහවල් සිදුවීමෙන් පස්සෙ ඇස් දෙකටම දැකපු නිසා විශ්වාස කරනවා"

සමහර හිත හයිය අයත් ඔය වගේ කතා කියනව ඇහිල ඇති. මොකද මේ හෝමෝන උත්තේජනය සිද්ධවෙන්න තව තව හේතු සුළු වශයෙන් බලපානවා.


  • විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවෙන pulses,
  • කණට සංවේදී ශ්‍රවණ පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් සහිත කම්පන තරංග (මේවා වාහන එන්ජින් වලින් පවා ඇතිවිය හැකියි),
  • පරිසරයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම,
  • මානසික ආතතිය, paranoia වැනි මානසික ව්‍යාධි

ඒ අතරින් සමහර හේතු වෙනවා.

සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.


ඔබ රාත්‍රියේ රිය පදවන කෙනෙක් නම් සමහරවිට දැකල ඇති පාරෙ අයිනෙ කවුරුහරි හිටියා වගේ. ඒත් හැරිල බැලුවම කවුරුත් නෑ. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි.

කණිනිකාවෙ කේතු හා යෂ්ටි කියල සෛල දෙවර්ගයක් තියෙනවා. කේතු සෛල වැඩිපුර සංවේදී ආලෝකයට හා වර්ණ වලට. යෂ්ටි සෛල තමයි අඳුරෙදි වඩා සක්‍රිය. යෂ්ටි සෛල මගින් තමයි මේ දෘෂ්ටි මායාව ඇතිකරන්නෙ. ඇසේ මේ සෛල දෙවර්ගය පිහිටන්නෙ මැදට වෙන්නට කේතු සෛලත් ඒ වටේට යෂ්ටි සෛලත් ලෙසයි. ඉතින් ඒකයි පාරෙ මැදින් නැතුව අයිනෙන් කවුරුහරි හිටියා වගේ පේන්නෙ.

ඉතින් හොල්මන් වලට හොල්මන් කියන නම වැටෙන්න හේතුව ඔන්න ඕකයි.

- Rehan Mendis

අනෙකුත් ලිපි සඳහා   -> https://diaryofrehan.blogspot.com



Comments

  1. NDE වැනි අත්දැකීම් හා සිහිනැති කර කල ශල්‍යකර්ම වලදී දුරක සිදුවූ සිදුවීම් ආදිය දුටු බවත්, පසුව ඒවා සනාත වූ බවත් කියවා ඇත.
    එේ වන්නේ කෙසේද ?

    ReplyDelete
    Replies
    1. සිහිනැති කර සිදුකෙරෙන සමහර සැත්කම් වලදි තම ආත්මය ශරීරයෙන් ඉවත්වී ඉහළට ගොස් සැත්කම සිදුවන ආකාරය බලා සිටි බව එවැනි සැත්කම් වලට භාජනය වූ ඇතැම් පවසනවා. එයත් සිහි නැතිකිරීමට යොදාගැනෙන කෙටමීන් වැනි ඖෂධ වලින් මොළයේ සිදුවන රසායනික විපර්යාස නිසා කලාතුරකින් ඇතිවන තත්වයක්.

      Delete
  2. නිශංක ජයවර්ධනDecember 11, 2018 at 5:27 AM

    වැදගත් ලිපියක්. නමුත් ගැටළු තැන් තිබෙනවා. පෙනෙන බව ඇති කරන්නෙ මොළයෙන් බව ඔබ කියා තිබෙනවා. මොළයට පෙනෙන බව ඇතිවීමට තිබෙන හැකියාව කුමක් ද?

    සියළු දනගැනීම් දැනගන්නෙ "සිත" නෙ. ඔබ කියන ආකාරයට සිත කියන්නෙ මොළයට?

    මා විශ්වාස කරන් විදියට මොළය කියන්නෙත් තවත් අවයවයක් පමණයි. එයින් සුවිශේෂී කාර්‍ය්යන් සිදුකරනවා තමයි. නමුත් ඔබ ඔය කියන පෙනෙන බව වැනි දේවල් දැනගන්නේ මොළයෙන් නම් නොවෙයි. ඒ ඒ අවයවයට අදාලව පහළවන සිත මගින්.

    උදාහරණයක් ලෙසට "පෙනෙන බව" දැනගන්නෙ මොළයෙන් නොව ඇසේ ඇතිවන සිත මගින්. බුදුදහමේදී එය "චක්ඛු විඥානය" ලෙස හඳුන්වනවා.

    මං දන්නවා ඔබ මේ සමග එකඟ නොවෙයි. නමුත් මා ඔබට යෝජනා කරනවා මේ පිළිබඳවත් යම් සොයාබැලීමක් කරන්න කියලා. එහෙම උනොත් ඔබේ ලිවීම පරිපූර්ණ වෙයි.

    ජය

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මෙය විද්‍යාත්මක විග්‍රහයක් මිස ආගමික පසුබිමකින් ලියූ ලිපියක් නොවේ. යම්කිසි දිනෙක සිත නම් අවයවය පිහිටි ස්ථානය විද්‍යාවෙන් සොයාගතහොත් අනිවාර්යයෙන්ම ඒ ගැන ලියන්නට පොරොන්දු වෙමි

      Delete
  3. Patta 😍 asawen kiyewwa ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිරිගැන්වීමට 😇

      Delete
  4. මේක මං 100%ක්ම පිළි ගන්නවා. ඒත් ලංකාවේ මෝඩ ළිං මැඩියන් මේවා පිළි ගන්න කැමති නෑ. උන් කැමති හැමදාම වලේම ඉන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය