තරු වල කතාව 1 | සූර්යයා

විශ්වයෙ තැන් තැන් වල තියෙනව ලොකූ වායු වළාකුළු. මේව වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ හයිඩ්‍රජන් හීලියම් වගේ මූලද්‍රව්‍ය. ඉතින් මේ අභ්‍යාවකාශයේ පාවෙවී ඉන්න වායු වළාවක් එක තැනකට ඒකරාශී වෙලා ගුලිගැහෙන්න බලනවා. ඒක වෙන්නෙ ගුරුත්වය නිසා. ඒ වගේම අවස්ථිතිය නිසා ඒ වායු බෝල කැරකෙන්න එහෙමත් පටන්ගන්නවා.

ඔන්න දැන් අපි ලඟ අහසෙ පාවෙන වායු බෝලයක් තියෙනවා. ඒත් ඕක තරුවක් වෙන්නෙ කොහොමද? මං කලින් කිව්වනෙ ඔතන තියෙන්නෙ හයිඩ්‍රජන් හා හීලියම් වායු කියල. ඔන්න දැන් මේ වායු බෝලය ගුරුත්වය නිසා අතිශය සම්පීඩනය වෙන්න ගන්නවා.

දන්නවනෙ pressure cooker එක ගැන. ඒක ඇතුලෙ පීඩනය වැඩි නිසා වතුර 90°C දි විතර නටන්න ගන්නවා. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේ. උස කන්දක් උඩ වායුගෝලීය පීඩනය අඩු නිසා වතුර නටන්නෙ 105°Cදි විතර. සාරාංශය බැලුවම පීඩනය වැඩි නම් අඩු උෂ්ණත්වයකදි වුණත් දහනය වෙනවා.

අර අපේ වායු බෝලය තුලත් දැන් හයිඩ්‍රජන් දහනය වෙන්නයි හදන්නෙ. දහනය කිව්වට දහනයක්ම නෙමෙයි. න්‍යෂ්ටික විලයනයක්. ඒ කියන්නෙ පරමාණු 2ක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන වර්ගයක තනි පරමාණුවක් හැදෙනවා.

හැබැයි ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද ඒකට පරමාණු වල න්‍යෂ්ටි දෙක එකට හප්පන්න ඕන. ඒත් න්‍යෂ්ටි ධන ආරෝපිතයි. සජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවනෙ. න්‍යෂ්ටි අතරත් විශාල කූලෝම් න්‍යෂ්ටික විකර්ෂණ බලයක් තියෙනව. ඒ නිසා පරමාණු න්‍යෂ්ටි දෙකක් එකට හප්පන්න විශාල බලයක් යොදන්න ඕන.



සූර්යයාගෙ හරය (core) තුල වුණත් ඔය වැඩේ වෙන්න ප්‍රමාණවත් උෂ්ණත්වයක් නෑ. හරියට බ්‍රහස්පති සෙනසුරු වගේ වායු ග්‍රහයින්ට වුණා වගේ (ඔව් එයාලත් තරු වෙන්න ගිය අය තමයි. එයාල නිකන්ම ග්‍රහලෝක නෙමෙයි දුඹුරු වාමන තරු. වාමන තරු ගැන පස්සෙ කියලදෙන්නම්).

ඔන්න ඔතනදි තමයි අර වායු සම්පීඩනයෙන් ඇතිවුණ පීඩනය සූර්යයාගෙ පිහිටට එන්නෙ. දැන් Pressure cooker කතාවමයි. සූර්යයා තුල පීඩනය ඉතාම අධික නිසා අර පවතින උෂ්ණත්වයේදි වුණත් හයිඩ්‍රජන් විලයනය වෙන්න ගන්නවා.

ඒ කියන්නෙ හයිඩ්‍රජන් (ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි) පරමාණු 2ක් (දෙකට ප්‍රෝටෝන 2යි ඉලෙක්ට්‍රෝන 2යි) විලයනය වෙලා (එකතු වෙලා) හීලියම් එක පරමාණුවක් හැදෙනවා (හීලියම් වලට ප්‍රෝටෝන 2යි ඉලෙක්ට්‍රෝන 2යිනෙ). එතකොට මුල් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගණනට දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණන balance වෙලා. හැම තත්පරේකම ඔය විදියට හයිඩ්‍රජන් පරමාණු මිලියන 700ක් විතර හීලියම් බවට හැරෙනවා.

හැබැයි ඔතන ස්කන්ධ හානියක් වෙනවා. ඒ කියන්නෙ මුලින් තිබුණ හයිඩ්‍රජන් පරමාණු දෙකේ ස්කන්ධ වල එකතුවට වඩා අළුතින් හැදුණ හීලියම් පරමාණුවේ ස්කන්ධය අඩුයි.

ඔය නැතිවෙච්ච ස්කන්ධය තමයි සූර්ය ශක්තිය (ආලෝකය තාපය වගේ) අපිට ලැබෙන්නෙ. ඒ ශක්තියේ අගය හොයන්න පුළුවන් E = mc 2 සමීකරණයෙන්. m වලට දාන්නෙ අර අඩු වෙච්ච ස්කන්ධය.

ඔහොම ගිහින් ඉරේ හයිඩ්‍රජන් ඉවර වෙයිද?

ඔව් දවසක ඉවර වෙනවා. එතකොට මොකද වෙන්නෙ? සූර්යයා පෘථිවි කක්ෂය දක්වා ප්‍රසාරණය වෙනවා. හැබැයි ඒකට තව අවුරුදු මිලියන කිහිපයක් තියෙනවා. ඒක ලස්සන කතාවක්. ඒ කතාව ඊළඟ ලිපියෙන් කියන්නම්.

- Rehan

(විශේෂ ස්තුතිය : ශවිඳු අවිශ්ක)

Comments

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය