H Y P E R L O O P | අනාගතයේ ප්‍රවාහනය
මෙය මෝටර් රථයක්, දුම්රියක් හෝ උමං දුම්රියක් නොවේ. නැවක්, බෝට්ටුවක් හෝ ගුවන්යානයක්ද නොවේ. මෙය මෙතෙක් ලෝකයේ නොතිබුණු නවතම ප්‍රවාහන මාධ්‍යයකි. මෙය තරමක් හෝ නෑකම් කියන්නේ ජර්මනියේ, රුසියාවේ, චීනයේ, ජපානයේ හා ප්‍රංශයේ ඇති MAGLEV (Magnetic Levitation) දුම්රිය වලටය. මෙය නලයක් තුල ගමන්ගන්නා කැප්සියුලයකි . නමින් මෙය HYPERLOOP වේ.. - Hyperloop - මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ Tesla Motors (ලොව විශාලම විදුලි මෝටර් රථ සමාගම) , Paypal , SpaceX (ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයන්නේ මෙම ආයතනයෙන් වන අතර අනාගතයේ අඟහරු මත ජනාවාස ගොඩනගන්නේද මොවුන්ය), The Boring Company (Hyperloop ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උමං මාර්ග සකසන්නේද මෙම සමාගමෙන් වන අතර ඔවුන්ගේ අදහස අනාගතයේදී මෙම සමාගම භාවිතා කර පොළොව යට උස මට්ටම් 30කට උමං මාර්ග සකසා ඒවායේ වාහන ගමන් කරවීමයි.), Solar City (දකුණු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙගාවොට් පැය 129 ක ලොව විශාලතම බැටරිය දින 100ක් තුල නිපදවන බවට හා තමාට එසේ කල නොහැකි වුවහොත් මුළු ව්‍යාපෘතියම නොමිලේ කරන බවට ඔට්ටු අල්ලා එය දින 100ක් තුල සාර්ථකව නිපදවා අවසන් කලේද