Posts

Showing posts from January, 2018

සාපේක්ෂතාවාදය 6 | ආලෝකයේ වේගය ඉක්මවීම

Image
කලින් ලිපි වල කිව්වා මතකද සාපේක්ෂතාවාදයට අනුව පදාර්ථයට කවදාවත් ආලෝකයේ වේගය ඉක්මවන්න බැහැ කියලා? අද අපි සූදානම් වෙන්නෙ ආලෝකයේ වේගය ඉක්මවන්නයි . මොකක්?? එතකොට සාපේක්ෂතාවාදය බිඳවැටෙනවද??? කියවලම බලන්නකො.. මේක කියවන්න කලින් සාපේක්ෂතාවාදය ගැන කලින් ලිපි ටික කියවල එන්න කියල නම් මට තරයේම නිර්දේශ කරන්න සිද්ධවෙනවා. මොකද කතාව ගලාගෙන යන්නෙ ඒවත් එක්ක නිසා.. හරි අපි මාතෘකාවට බහිමු.. දැන් එතකොට ස්කන්ධයක් තියෙන කිසිම පදාර්ථයකට ආලෝකයේ වේගය ඉක්මවන්න බැරිද? අපෝ පුළුවන්. හැබැයි ඒ එක් එක් සංසිද්ධියට ආවේණික කොන්දේසිත් තියෙනවා. ඒ කොන්දේසි නිසා මෙතනදි සාපේක්ෂතාවාදය බිඳවැටෙන්නෙ නැහැ. අපි කිහිපයක් වෙන වෙනම සලකල බලමු.. විශ්වය ප්‍රසාරණය වන බව ඔයා අහල ඇතිනෙ? ඉතින් හැම තත්පරයකින් ට්‍රිලියනයකින් එකකිනුත් ට්‍රිලියනයකින් එකක තරම් අතිශයින්ම කුඩා කාලයක් තුලදි මේ විශ්වයේ පරිමාව දෙගුණයක් වෙනවා . ඒ කියන්නෙ විශ්වයේ ඈත කෙළවරේ තියෙන වස්තූන් තවත් ඈතට විසිවෙන්නෙ ආලෝකයේ වේගයට වඩා අති විශාල වේගයකින් . කොහොමද එහෙම වෙන්නෙ?? උත්තරේ මේ දර්ශනයෙ නමේම තියෙනවා. සාපේක්ෂ නිසා. ඔව් හැමදේම සාපේක්ෂයි. ඔන්න දැන්

සාපේක්ෂතාවාදය 5 | විශ්වයේ අභිරහස් දොරටු

Image
විශ්වයේ තියෙනවා කියන අපූරු රහස් පාරවල් ජාතියක් ගැනයි අද කියන්නෙ. විශ්වයේ එක කෙළවරක ඉඳල තවත් කෙළවරකට හෝ එක් විශ්වයක ඉඳල තවත් සමාන්තර විශ්වයකට බොහොම කෙටි කාලයකදි ගමන් කරන්න පුළුවන් පුදුමාකාර දොරටුවක් තමයි මේ. මේ Wormholes .. මුලින්ම කියන්න ඕන මේ wormholes කියන්නෙ තවමත් සොයාගෙන නැති කල්පිත මට්ටමේ තියෙන දෙයක් බව. Wormhole එකකින් කොහොමද විශ්වයේ ගොඩක් දුරින් තියෙන තැනකට ඉක්මණට යන්නෙ? උත්තරේ wormhole කියන වචනෙම තියෙනවා. Worm කියන්නෙ පණුවටනෙ. එතකොට hole කියන්නෙ සිදුරට. Wormhole කියන්නෙ පණුවෙක් ඇති කරපු සිදුරක් වගේ දෙයක්. මෙහෙම හිතන්නකො. ඇපල් ගෙඩියක එක පැත්තක A කියල ස්ථානයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ B කියල ස්ථානයක් තියෙනවා. දැන් කූඹියෙකුට A සිට B දක්වා යන්න ඕන වුණොත් ඌට ඇපල් ගෙඩියෙ මතුපිට පෘෂ්ඨය දිගේ බොහෝ දුරක් (ඇපල් ගෙඩියෙ පරිධියෙන් අඩක් පමණ) යන්න වෙනවා. නමුත් A සිට B දක්වා ඇපල් ගෙඩිය ඇතුලෙන් පණුවෙක් හාරපු උමගක් හමුවුණොත් අපේ කූඹියාට කලින්ට වඩා අඩු දුරක් ගමන් කරලා B වෙත ලඟා වෙන්න පුළුවන්. ඉතින් විශ්වයෙත් ඔය සිද්ධියම වෙන්න පුළුවන්. මේ පින්තූරය බැලුවම කතාව තේරෙයි.

සාපේක්ෂතාවාදය 4 | වක්‍රව ගමන් කරන ආලෝකය

Image
ආලෝකය ගමන් කරන්නෙ සරල රේඛීය මාර්ගයක නොවෙයි කියල කිව්වොත් විශ්වාස කරනවද? අයින්ස්ටයින් ඕක කිව්වමත් කවුරුත් විශ්වාස කලේ නෑ. ඒත් ඇත්තටම ආලෝකය ගමන් කරන්නෙ සරල රේඛීයව නෙමෙයි. ගුරුත්වය හමුවේ ආලෝකයේ ගමන වක්‍ර වෙන හැටි තමයි අද අපි කතා කරන්නෙ ගුරුත්වය නිසා අවකාශ කාල තලයේ සිදුවන විපර්යාසය ගැන අපි කලින් ලිපියෙ කතා කරානෙ. අමතක නම් මෙතනින්  ඒ ලිපිය බලලම එන්නකො. ඉතින් ආලෝකය, නැතිනම් ෆෝටෝන ගමන් කරන්නෙත් ඔය කාල අවකාශ තලය මතම තමයි (ඇත්තටම 4D විශ්වය 2D හැටියට ගත්තෙ අපේ තේරුම්ගැනීමේ පහසුව තකා පමණක් බව අමතක කරන්න එපා). එතකොට ෆෝටෝන වල ගමනත් හරියට වලවල් තියෙන පාරක යන ජීප් එකක් වගේ. වලක වැටෙනවා, ආපහු පාර මට්ටමට එනවා. ඔය විදියටම ෆෝටෝනත් අභ්‍යාවකාශයේ ගමන් කරන අතරෙ අර ස්කන්ධයෙන් වැඩි වස්තු වල ගුරුත්වය නිසා කාල අවකාශ තලයෙ ඇති කරන එබීම් තුලට වැටෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් ආලෝකය (ෆෝටෝන), ස්කන්ධයන් වෙතට ආකර්ෂණය වෙනවා ! හැබැයි ඉතින් පොඩි පොඩි ස්කන්ධයන් වලට නම් නෙමෙයි. විශාල තාරකා, කළු කුහර, මන්දාකිණි වගේ ලොකු ස්කන්ධයන්ටයි ෆෝටෝන ආකර්ෂණය වෙන්නෙ. අයින්ස්ටයින් ඕක කිව්වට මිනිස්සු එක පාරටම විශ්

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය

Image
අද ලෑස්ති වෙන්නෙ විශ්වයට එබිල බලන්නයි. අපි කලින් කතා කරානෙ වේගයයි ස්කන්ධයයි අතර සම්බන්ධය වගේම වේගයයි කාලයයි අතර සම්බන්ධයත්. ඔන්න දැන් ඉඳල තමයි කතාවෙ ටිකක් ගැඹුරට යන්න හදන්නෙ. අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව පාවිච්චි කරන්නෙ උප පරමාණුක අංශු වලටත් වඩා කුඩා දේවල් ගැන හදාරන්න. එතකොට සාපේක්ෂතාවාදය පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් තරු, ග්‍රහලෝක, මන්දාකිණි (galaxies) වගේ අති දැවැන්ත ස්කන්ධයන්ගෙන් යුත් වස්තූන් ගැන කරන අධ්‍යයනයන්ට. අයින්ස්ටයින් මහතාට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලැබුණෙ සාපේක්ෂතාවාදය වෙනුවෙන් නම් නෙමෙයි. ඒත් අපිට පෘථිවියෙන් එළියට යන්න නම් මේක අත්‍යවශ්‍යම විෂයක්. අහස දිහා ඔහේ බලාගෙන හිටියට ඒ අහසෙ වෙන හරිම පුදුම හිතාගන්න බැරි තරම් අපූරු දේවල් ගැන දැනගන්න නම් ඔයාට මේ විෂය දැනුම අත්‍යවශ්‍යයි. ඉතින් දැන් අපි ටික ටික විශ්වයට යන්නයි ලෑස්තිය. AL වලට භෞතික විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක් නම් ඔයා දන්නවා නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ සමීකරණය. ඒකෙන් කියවුනේ ස්කන්ධයන් 2ක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ " බලය " එම ස්කන්ධයන් දෙකේ ගුණිතයට අනුලෝමවත් ස්කන්ධ 2 අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

Image
අපි කලින් ලිපියෙන් කතා කරේ සාපේක්ෂතාවාදයෙදි වේගයත් එක්ක ස්කන්ධය වෙනස් වෙන හැටිනෙ. දැන් කතා කරන්න යන්නෙ වේගයත් එක්ක කාලය වෙනස් වෙන හැටි. කලින් ලිපිය කියවපු නැති අයට කතාව හරියටම පැහැදිලි කරගන්න මේ ලින්ක් එකට ගිහින් ඒ ලිපිය කියවලම එන්න කියලා මතක් කරන්න කැමතියි. https://diaryofrehan.blogspot.com/2018/01/1.html වේගයත් එක්ක කාලය වෙනස් වෙනවා? ඔව් ඇත්තටම වෙනස් වෙනවා. ඒකට කියන්නෙ Relative Velocity Time Dilation කියලා.. ඒ කියන්නෙ නිශ්චලව ඉන්න කෙනෙකුට තත්පරයක් ගතවෙන්න ‍යන්නෙ තත්පරයයි වුණාට අධික වේගයෙන් ගමන් කරන කෙනෙක්ට තත්පරයක් ගතවෙන්න තත්පර කිහිපයක්, විනාඩි, පැය, සමහරවිට අවුරුදු කිහිපයක් ගතවෙන්න පුළුවන්. තේරුණේ නැහැ නේද? මෙහම හිතන්නකො. ඔයාගෙ වයස 20යි . ඔයාට නිවුන් සහෝදරයෙක් ඉන්නවා. එයාටත් 20යි . ඔයාල දෙන්නම එකම වෙලාව තියෙන අත් ඔරලෝසු 2ක් දාගන්නවා. ඊට පස්සෙ ඔයාගෙ සහෝදරයා යානයක නැගල ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයකින් පෘථිවිය වටේ කැරකිලා ආපහු පෘථිවියට එනවා. ඒ වෙනකන් ඔයා පෘථිවියේ බලන් ඉන්නවා. අපි හිතමු ඔයා එහෙම අවුරුදු 10ක් බලන් හිටියා කියල. එහෙනම් දැන් දෙන්නගෙම වයස අ

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

Image
සාපේක්ෂතාවාදය .. නම අහපු ගමන්ම ගොඩක් බරපතල මාතෘකාවක් වගේ. ඇත්තටම ඒක එහෙම එකක් තමයි. මොකද සාපේක්ෂතාවාදය සම්පූර්ණයෙන් තේරුම්ගත්ත මිනිස්සු ලෝකෙටම ඉන්නෙ හරි ටිකයි. ඒක ඒ තරම් සංකීර්ණයි. සාපේක්ෂතාවාදය ගැන අන්තර්ජාලයේ හා පොත්පත් වල බොහෝ කරුණු තියෙනවා. ඒත් ගොඩක් අයට ඒවා ග්‍රීක් වගේ. මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. හේතුව තමයි සාපේක්ෂතාවාදය ගැන මූලික දැනුම නැතිකම. මේ ලිපි පෙලින් මම බලාපොරොත්තු වෙන්නෙ ඔබට ඒ මූලික දැනුම ලබාදෙන්නයි. සාපේක්ෂතාවාදයේ කියවෙන මූලිකම කරුණක් තමයි "විශ්වයේ නියත එකම දේ රික්තයේදී ආලෝකයේ වේගය පමණයි, අනෙක් සියළු දේ තවත් දෙයකට සාපේක්ෂව ත්වරණය වෙනවා" කියන එක. අද අපි කතා කරන්න යන්නෙ සාපේක්ෂතාවාදයේ තියෙන සරල සහ මූලික කරුණු කිහිපයක් ගැන. ඇත්තටම මූලික කරුණු ටික කතා කරන්නත් මට ලිපි කිහිපයක් ලියන්න වෙනවා. ඒ තරම් මාතෘකාව දරුණුයි. දරුණු වුණාට මේක ටිකක් ඔළුවට වැදුණම ඇබ්බැහි වෙන ජාතියෙ හරිම interesting subject එකක්. ඒක නිසා බය නැතුව දිගටම කියවන්න. මේක කියවගෙන යද්දි ඔයාට හිතෙයි අපි මෙච්චර කාලයක් නිව්ටන්ගෙ භෞතික විද්‍යාව කියල ඉගෙනගත්තෙ ලොකු බොරුවක්ද කියලා. කතාව මේකයි..