Posts

Showing posts from 2017

H Y P E R L O O P | අනාගතයේ ප්‍රවාහනය

Image
මෙය මෝටර් රථයක්, දුම්රියක් හෝ උමං දුම්රියක් නොවේ. නැවක්, බෝට්ටුවක් හෝ ගුවන්යානයක්ද නොවේ. මෙය මෙතෙක් ලෝකයේ නොතිබුණු නවතම ප්‍රවාහන මාධ්‍යයකි. මෙය තරමක් හෝ නෑකම් කියන්නේ ජර්මනියේ, රුසියාවේ, චීනයේ, ජපානයේ හා ප්‍රංශයේ ඇති MAGLEV (Magnetic Levitation) දුම්රිය වලටය. මෙය නලයක් තුල ගමන්ගන්නා කැප්සියුලයකි . නමින් මෙය   HYPERLOOP   වේ.. - Hyperloop - මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ Tesla Motors (ලොව විශාලම විදුලි මෝටර් රථ සමාගම) , Paypal ,  SpaceX (ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයන්නේ මෙම ආයතනයෙන් වන අතර අනාගතයේ අඟහරු මත ජනාවාස ගොඩනගන්නේද මොවුන්ය), The Boring Company (Hyperloop ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උමං මාර්ග සකසන්නේද මෙම සමාගමෙන් වන අතර ඔවුන්ගේ අදහස අනාගතයේදී මෙම සමාගම භාවිතා කර පොළොව යට උස මට්ටම් 30කට උමං මාර්ග සකසා ඒවායේ වාහන ගමන් කරවීමයි.), Solar City (දකුණු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙගාවොට් පැය 129 ක ලොව විශාලතම බැටරිය දින 100ක් තුල නිපදවන බවට හා තමාට එසේ කල නොහැකි වුවහොත් මුළු ව්‍යාපෘතියම නොමිලේ කරන බවට ඔට්ටු අල්ලා එය දින 100ක් තුල සාර්ථකව නිපදවා අවසන් කලේද

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

Image
මේක සුරංගනා කතාවක් වගේ නම් තමයි. හැබැයි ටිකක් scientific සුරංගනා කතාවක්. විශ්වාස කරන්න නෙමෙයි දැනගැනීම පිණිසයි කියන්නෙ. ::. මේ මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ ඉතිහාස කතාව .:: පෘථිවියේ පළවෙනිම ශිෂ්ටාචාරය තමයි මෙසපොටේමියානු ශිෂ්ටාචාරය (Mesopotamian Civilization) කියන්නෙ. එයාල හිටියෙ වත්මන් ඉරාකය ආශ්‍රිත භූමියේ යුප්‍රටීස් හා ටයිග්‍රිස් කියන ගංගා දෙක අතර. ලෝකෙ පළවෙනි ශිෂ්ටාචාරයෙ අය කොයි වගේ වෙන්න ඇතිද? අමාරුවෙන් ගල් දෙකක් අතුල්ලල ගින්දර අරන් සතෙක් පුච්චගෙන කාපු ප්‍රාථමික මිනිසුන් වෙන්න ඇති. නෑ!! තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව මෙයාල විගණනය (auditing) පවා කරා. සෞරග්‍රහ මණ්ඩලයේ සිතියම් ඇන්දා. තව මේ වගේ හිතාගන්න බැරි වැඩ ගොඩක් කරපු අරුම පුදුම මිනිසුන්ගෙන් පිරි ශිෂ්ටාචාරයක්. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නයක් මතුවෙන්නෙ. සියවස් 50කටත් කලින් මෙයාල ඇඳපු මේ සෞරග්‍රහ මණ්ඩල සිතියමේ අපි බොහොම මෑතකදි හොයාගත්ත ප්ලූටෝ ඉන්නවා! ඒ විතරක් නම් කමක් නෑ තවත් මොකෙක්ද ග්‍රහයෙක් ඉන්නවා . ග්‍රහයෙක් කිව්වට ඒක infrared range එකේ තියෙන (පියවි ඇසට පෙනෙන සංඛ්‍යාත පරාසයෙන්

තරු වල කතාව 5 | කළු කුහර

Image
විශ්වයේ තියෙන්නෙ අපි කලින් කතා කරපු ජාතියෙ තාරකා විතරක් නෙමෙයිනෙ. විශ්වයේ ඉතා දැවැන්ත  ස්කන්ධයන් සහිත තාරකා තිබෙනවා. හැබැයි උපරිම ස්කන්ධය සූර්ය ස්කන්ධ ඒකක 100ක් විතරයි . ඊට වඩා වැඩි ස්කන්ධයෙන් යුත් තරු බිහිවෙන්නත් කලින්ම පුපුරල විනාශ වෙනවා. මේවා තුල ඇති අධික උෂ්ණත්වය නිසා මේ වගේ විශාල තාරකා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් දහනය වීමේ සීඝ්‍රතාවය ඉතාම වැඩියි. ඒ නිසා තරුවේ ආයුකාලයත් සාපේක්ෂව අඩුයි. තරුවක ස්කන්ධය හා ආයුකාලය ප්‍රතිලෝම සමානුපාතිකයි. ඉතින් ඉන්ධන ඉවර වුණාම කලින් කතාවෙ වගේ මෙයාලත් හැකිලෙන්න පටන්ගන්නවා.. දැන් අපි ඒ කතාව එහෙමම තියල පොඩ්ඩක් A/L වලට යමු. මතකයිනෙ වියෝග ප්‍රවේගය  (Escape Velocity)? යම්කිසි ග්‍රහලෝකයක් මත තිබෙන වස්තුවකට එහි ගුරුත්වාකර්ෂණය මැඩගෙන ගොස් ග්‍රහලෝකයෙන් ඉවත්වීමට වස්තුවට ලබාදිය යුතු අවම ප්‍රවේගයනෙ වියෝග ප්‍රවේගය කිව්වෙ. පෘථිවියේ නම් වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11.19ක්. ග්‍රහ වස්තුවේ ස්කන්ධ ඝනත්වය වැඩි වෙන තරමට ඒ මත වියෝග ප්‍රවේගයත් වැඩියි. සූර්යයාගෙ ස්කන්ධය පෘථිවියට සාපේක්ෂව ඉතාම වැඩියිනෙ. එයාගෙ පෘෂ්ඨය මත වියෝග ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 617.7

තරු වල කතාව 4 | නියුට්‍රෝන තාරකා

Image
කලින් ලිපි කිහිපයේම අපි කතා කරේ අඩු සූර්ය ස්කන්ධ ඒකක ගණනක ස්කන්ධයක් සහිත තාරකා වල ජීවන චක්‍රය ගැන. දැන් අපි කතා කරන්න යන්නෙ ඊට වඩා ටිකක් විශාල, ඒ කියන්නෙ සූර්ය ස්කන්ධ ඒකක එකහමාරකට පමණ වඩා වැඩි ස්කන්ධයක් සහිත තරු වල කතාව ගැන. මුලින්ම බලමු මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් සහිත තරු වලට වෙන දේ. කලින් කුඩා තාරකා ගැන කතා කරා වගේම මෙයාලගෙත් හයිඩ්‍රජන් විලයනය තමයි වෙන්නෙ. හැබැයි පොඩි පොඩි තාරකා වල වගේ නෙමෙයි මෙයාලගෙ හරයෙ තියෙන්නෙ ඉතාම අධික උෂ්ණත්වයක් . කොච්චර ලොකු උෂ්ණත්වයක්ද කිව්වොත් හයිඩ්‍රජන් විලයනය වෙන අතරෙම හීලියමුත් විලයනය වෙනවා ! හීලියම් විලයනයෙන් හැදෙනවනෙ වෙනත් බර මූලද්‍රව්‍යයන්. තරුව මැද තියෙන උෂ්ණත්වය වැඩිකමට ඒ හැදුන මූලද්‍රව්‍යත් ආපහු විලයනය වෙනවා ! කොහොමද උෂ්ණත්වය?? ඔහොම වෙලා ක්ෂණිකවම තරුවෙ ගුරුත්ව බලය එහි විකිරණ පීඩනය ඉක්මවා යනවා (ඔව් අර 2 වෙනි ලිපියෙ කියපු බල 2 තමයි ) ඒකෙන් වෙන්නෙ එකපාරටම මුළු තරුවම තමන් තුලටම කඩාවැටීම . මේ කඩාවැටීම කොච්චර ප්‍රභලද කිව්වොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල පීඩනයට වත් මේ කඩා වැටීම නතර කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකට ත

තරු වල කතාව 3 | ද්විත්ව තරු

Image
කලින් අපි කතා කරානෙ වාමන තරු ගැන.. හැබැයි ඒකෙ තවත් පොඩි කතාවක් ඉතුරු වෙලා තියෙනව කියන්න. ඒ තමයි ද්විත්ව තරු (Binary Stars) .. මොකද මේ ද්විත්ව තරු වල අවසන් කටයුතු වෙන්නෙ ටිකක් වෙනස් ක්‍රමයකට. අපිට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි අපිට පෙනෙන අහසෙ තියෙන දීප්තිමත්ම තාරකාව වන සිරියස් . සිරියස්ට ඉන්නව පොඩි සගයෙක්. අපි එයාට සිරිසේන කියමුකො (ඇත්ත නම Sirius B). මේ දෙන්නා තමයි ද්විත්ව තරු. හැබැයි සිරියස් අති ප්‍රභල තරුවක් වුණාට සිරිසේන නම් දැන් අභාවයට ගිය සුදු වාමන තාරකාවක්.. ඔන්න දැන් සිරියස්ගෙ කාලය අවසන් වෙනව කියල නිකමට හිතන්න. සිරියස් දැන් රතු යෝධ අවධියට  එනවා. ඒ කියන්නෙ හොඳට ප්‍රසාරණය වෙනවා. කොයි තරම් ප්‍රසාරණය වෙනවද කියනව නම් අර එයාගෙ වාමන සගයා දක්වා ප්‍රසාරණය වෙනවා . ඒකෙන් වෙන්න සිරියස්ගෙන් පිටවෙන වායු වළාවන් තොගයක් යනවා අර සුදු වාමන තරුවට. දැන් මේ වායු ඔක්කොම අධික තාපය හමුවේ ක්ෂණිකව න්‍යෂ්ටික විලයනය වෙලා දැවැන්ත න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරල යනවා . මේ පිපිරීමෙන් නිකුත් වන ශක්තිය සූර්යයාගෙන් පිටවන ශක්තිය වගේ මිලියන ගුණයකටත් වැඩියි. හිතාගන්නකො තරම. (ඕක කොච්චර ලොකුද කිය

තරු වල කතාව 2 | වාමන තරු

Image
ඔන්න දැන් අපි ළඟ තරුවක් තියෙනවා. අපේ සූර්යයාත් අපි ඉන්න මන්දාකිණිය වන ක්ෂීරපථයෙ (milky way) තියෙන ප්‍රධාන තරු 100 අතර ඉන්නෙ. තද තද නේද? 😎 ඔය වගේ තරු ට්‍රිලියන ගානක් විශ්වයේ තියෙනවා. අපේ milky way එකේ විතරක් තරු බිලියන 100ක් තියෙනවා. ඉතින් හිතාගන්නකො විශ්වයේම තියෙන තරු ගාණ ගනන් කරන්න පුළුවන් වෙයිද කියල. ඔය තරු වල ස්කන්ධය කිලෝ ග්‍රෑම් වලින් මනින්න බෑනෙ. එතකොට එන සංඛ්‍යාව ලිව්වම කිලෝමීටරයක් විතර දිගට එන නිසා එහෙම මනින එක ප්‍රායෝගික නෑ. ඒ නිසා අළුත් ඒකකයක් ඕන වුණා. ඒකට හදාගත්ත ඒකකය තමයි සූර්ය ස්කන්ධ ඒකකය  කියන්නෙ. ඒ කියන්නෙ යම්කිසි තරුවක ස්කන්ධය අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ කීගුණයක්ද  කියන එක. ඔය ස්කන්ධය මත තරුවක අවසාන කාලය තීරණය වෙනවා . ඒ කියන්නෙ තරුව මියයන්නෙ කොහොමද මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ ඒ තරුවෙ ස්කන්ධය. සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු , ඒ කියන්නෙ අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ 1.4 ගුණයකට වඩා අඩු ස්කන්ධයක් තියෙන තරු මියගියාට පස්සෙ පත්වෙන්නෙ සුදු වාමන තරු (White Dwarf) කියල එකක් බවට. අපේ ඩයල් එකටත් දවසක වෙන්නෙ ඒකම තමයි. එතකොට සූර්ය ස්කන්ධ ඒකක 1.4 - 2.

තරු වල කතාව 1 | සූර්යයා

Image
විශ්වයෙ තැන් තැන් වල තියෙනව ලොකූ වායු වළාකුළු. මේව වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ හයිඩ්‍රජන් හීලියම් වගේ මූලද්‍රව්‍ය. ඉතින් මේ අභ්‍යාවකාශයේ පාවෙවී ඉන්න වායු වළාවක් එක තැනකට ඒකරාශී වෙලා ගුලිගැහෙන්න බලනවා. ඒක වෙන්නෙ ගුරුත්වය නිසා. ඒ වගේම අවස්ථිතිය නිසා ඒ වායු බෝල කැරකෙන්න එහෙමත් පටන්ගන්නවා. ඔන්න දැන් අපි ලඟ අහසෙ පාවෙන වායු බෝලයක් තියෙනවා. ඒත් ඕක තරුවක් වෙන්නෙ කොහොමද? මං කලින් කිව්වනෙ ඔතන තියෙන්නෙ හයිඩ්‍රජන් හා හීලියම් වායු කියල. ඔන්න දැන් මේ වායු බෝලය ගුරුත්වය නිසා අතිශය සම්පීඩනය වෙන්න ගන්නවා. දන්නවනෙ pressure cooker එක ගැන. ඒක ඇතුලෙ පීඩනය වැඩි නිසා වතුර 90°C දි විතර නටන්න ගන්නවා. ඒකෙ අනිත් පැත්තත් ඒ වගේ. උස කන්දක් උඩ වායුගෝලීය පීඩනය අඩු නිසා වතුර නටන්නෙ 105°Cදි විතර. සාරාංශය බැලුවම පීඩනය වැඩි නම් අඩු උෂ්ණත්වයකදි වුණත් දහනය වෙනවා. අර අපේ වායු බෝලය තුලත් දැන් හයිඩ්‍රජන් දහනය වෙන්නයි හදන්නෙ. දහනය කිව්වට දහනයක්ම නෙමෙයි. න්‍යෂ්ටික විලයනයක් . ඒ කියන්නෙ පරමාණු 2ක් හෝ කිහිපයක් එකතු වෙලා වෙන වර්ගයක තනි පරමාණුවක් හැදෙනවා. හැබැයි ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද ඒකට පරමාණු වල

අකුණු

Image
තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ. සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ. ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්. තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා. වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා. ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින්

හොල්මන් පෙනෙන හැටි

Image
ලංකාවේ බොහෝ දෙනෙක් හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියල දෙයක් ඇත්තටම ඉන්නවද? හොල්මන් කියන නමේ තේරුමත් හෙලවෙන මනස කියන එක. ඇත්තටම කොහොමද මේ කතාව මනසත් එක්ක සම්බන්ධ වෙන්නෙ? කතාව මෙහෙමයි. අපේ දෘෂ්ටි පද්ධතිය ගොඩක් සංකීර්ණයි. ඒකෙ සෙන්සර් එක තමයි ඇස කියන්නෙ. හැබැයි ඒකෙ තේරුම අපි දකින දේවල් පේන්නෙ ඇහැට කියන එක නම් නෙමෙයි. මොකද නිදාගෙන ඉන්න කෙනෙක්ගෙ ඇහැ ඇරල මොනවහරි පෙන්නුවට එයාට ඒක පේන්නෙ නැහැනෙ. ඇසෙන් කරන්නෙ ප්‍රතිබිම්බයක් හදල එහි විද්‍යුත් හා රසායනික සංඥාවක් මොළයට යවන එක. මොළයට තමයි ඇත්තටම පේන්නෙ. පෙනීම සම්බන්ධව මොළයෙත් ප්‍රධාන කොටස් 3යි. පළමු කොටසින් කෙරෙන්නෙ අර ඇහෙන් එවපු සිග්නල් එකේ නැත්තන් ප්‍රතිබිම්බයේ තිබෙන ආලෝකයන් හා මූලික වර්ණයන් හඳුනාගෙන දළ රූපයක් ගොඩනැගීම . ඊට පස්සෙ ඒක යවනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසින් අර basic රූපය තව develope කරල අපි ඇත්තටම දැකපු දර්ශනය නිර්මාණය කරනවා . ඔන්න දැන් වැඩේ හරි. ඒ වුණාට තව කොටසක් ඉතිරියි. මේ හදාගත්ත රූපය යවනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසින් කෙරෙන්නෙ මේ රූපය අපේ පැ රණි මතකයන් එක්ක සසඳා බැලීම . මේ අපි දන්න දෙයක් හෝ දන්න කෙනෙක් කියල ද

නිකොලා ටෙස්ලා

Image
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි. නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා. කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්‍රේෂ්ඨ ව