දකුණ තියෙන්නෙ උතුරෙ
2019ට මම ලියන අන්තිම ලිපිය. 2019ට විතරක් නෙමෙයි මේ දශකයටම ලියන අන්තිම ලිපිය තමයි මේ. ඒක ලියන්නෙත් දශකයේ අන්තිම සති අන්තයේ අන්තිම පැය කිහිපයේ. මාතෘකාවෙ "දකුණ තියෙන්නෙ උතුරෙ" කියල කිව්වට මේ කියන්න යන්නෙ දකුණු රට ගැන නම් නෙමෙයි. අද මම කතා කරන්න යන්නෙ පෘථිවියේ උත්තර ධ්‍රැවය හා ධ්‍රැව ආශ්‍රිත යම් කරුණු කීපයක්. අපි උතුර කියල පාවිච්චි කරන "උතුරු" වර්ග 3ක් තියෙනවා. ඒ තමයි 1. භූගෝලීය උතුර 2. චුම්භක උතුර 3. සැබෑ උතුර ඔය 3 ගැන වෙන වෙනම බලමු.. ________________________________________ භූගෝලීය උතුර ලෝක සිතියමේ නැත්තං ආදර්ශ ලෝක ගෝලයේ තියෙනවනෙ දේශාංෂ රේඛා (සිරස් ඉරි). ඔන්න ඔය ඉරි ටික ගිහින් ලෝක ගෝලයේ මුදුනෙ එකතු වෙන තැනට තමයි භූගෝලීය උතුර කියල කියන්නෙ. භූගෝලීය උතුර තියෙන්නෙ ආක්ටික් වල පාවෙන අයිස් ස්ථරයක් මත. මේක අඩි 6ක් - 10ක් පමණ ඝනකම අයිස් ස්ථරයක්. Arctic summer එකේදි මේ අයිස් කුට්ටිය වර්ගඵලයෙන් බාගයක් පමණ දක්වා දියවෙනවා. ඒ කාලෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවක් තරම් ඉහළ යනවා. ඇන්ටාක්ටිකාව නම් එයාගෙ summe