චර්නොබිල් වල මොකද වුණේ? (දෙවෙනි කොටස) Chernobyl Disaster (Part 2)
පළවෙනි කොටසෙදි කිව්වනෙ චර්නොබිල් සැකැස්මෙ මරණීය වැරැද්දක් තිබුණා කියලා.. මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනෙකුට සෘජුවම ජීවිත අහිමිවුණා. මේ කියන්න යන්නෙ ඒ කතාව.. ලෝකයේ න්‍යෂ්ටික බලාගාර පරම්පරා 5ක් තියෙනවා. අද බහුලව තියෙන්නෙ 3+ පරම්පරාව. රුසියාවෙ සහ චීනයේ නම් දැනටම 4 වෙනි පරම්පරාවෙ බලාගාර ක්‍රියාත්මක වෙනවා. ජපානයත් ලඟදිම ඒ තැනට එන්න සූදානම්. රුසියාව නම් 5ට යන්න පරීක්ෂණ කරන බවටත් කටකතා තියෙනවා. කොහොම වුණත් අපේ කතා නායකයා චර්නොබිල් නම් දෙවෙනි පරම්පරාවෙ මුලම බිහිවුණ බොහොම පැරණි බලාගාරයක් මේකෙ රිඇක්ටර්ස් 4ක් තියෙනවා (තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුනා). මේ සෝවියට් රිඇක්ටර් වලට කිව්වෙ RBMK (reaktor bolshoy moshchnosty kanalny - High-power channel type reactor) කියලා. මේ RBMK රිඇක්ටර් වල designing fault එකක් තිබුණා. ඒවා නිවැරැදි කෙරුනෙ චර්නොබිල් පිපිරීමෙන් පසුවයි. මේ ජාතියෙ RBMK රිඇක්ටර් සෝවියට් රුසියාව පුරාම තිබුණා. 1986දි පුපුරපු චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකට අල්ලපු වැටේ තියෙන 3 වෙනි රිඇක්ටර් එක පවා 2000 අවුරුද්ද වෙනකන්ම ක්‍ර