Posts

Showing posts from February, 2019

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

Image
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. SEA-ME-WE කේබල් පද්ධතිය.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා. Copper Cables - තඹ රැහැන්.. ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිට

උත්තරේ 1 ද? 9 ද?

Image
උත්තරේ 1 ද? 9 ද? 6÷2(2+1)... මේක ගණිත ලෝකයේ ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඔයාගෙ ගණිත දැනුම අනුව මේකට උත්තරේ මොකක්ද? 90%කට වඩා කියන්නෙ උත්තරේ 1 කියලා. හැබැයි ඉතින් හරි උත්තරේ නම් 9 .. මොකක්? එතකොට පොඩි කාලෙ ඉගෙනගත්ත වන්බෙගුදරි??? Casio වලට කොහොමද වරදින්නෙ?? කලබල නැතුව ඉතුරු ටිකත් කියවන්නකො. බනින්න කලින් ඔක්කොම කියවල ඉන්න. 6÷2(2+1) කියල ගැහුවම Casio එකේ උත්තරේ ගන්නෙ මෙන්න මේ රූපෙ හැටියට.  ඒ කියන්නෙ බෙදීමේ ලකුණ ගහපු ගමන් එතනින් එහා ඔක්කොම ඉරෙන් යටට දානවා. ඒක තමයි පරණ ක්‍රමය. හැබැයි ඒක outdated. ඒත් සාම්ප්‍රදායික බව හා සමහර advanced mathematics සංකල්ප වලට අවශ්‍ය නිසා casio තාමත් ඒ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද scientific calculators තියෙන්නෙ මේ වගේ දෙකයි පනහෙ සරල ගණිත ගැටළු විසඳන්න නෙමෙයිනෙ. ඒක නිසා සරළ ගණිතයේදි මේ කැසියෝ උත්තරේ යල්පැනගිහින්.. Casio scientific calculator එකේ "  ÷  " ලකුණ ගහපු ගමන් මෙන්න මේ අමතර වරහන් 2ත් වැදිලා මුළු කෑල්ලම ඉරෙන් යටට යන විදිහටයි මේක programme කරල තියෙන්නෙ. ඒත් ඒ වරහන් 2 display එකේ පෙන්නන්නෙ නැති නි