Posts

Showing posts from 2018

ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය

Image
අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.54 ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා තියෙන්නෙ  අපි හිතන් හිටපු කාලයේ නෙමෙයි . ඊට වෙනස්ම කාලයක. මේ සූදානම එහෙම පටලගත්ත කාල නිර්ණයන් කිහිපයක් නිරවුල් කරගන්නයි. 1) ක්ලියෝපැට්රා ලෝකෙ පරණම ශිෂ්ඨාචාරයක් තමයි නයිල් ගඟ පාදක කරගෙන බිහිවුනු ඊජිප්තු ශිෂ්ඨාචාරය. මේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 3100 තරම් ඈතට යනවා. ඒ තරම් පරණයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ හිටපු ශ්‍රේෂ්ඨ රැජිනක් කිව්වම අපි හැමෝටම එක පාරට මතක් වෙන්නෙ ක්ලියෝපැට්රා රැජින . හැබැයි ඉතින් ක්ලියෝපැට්රා ජීවත් උනේ ක්‍රි.පූ 69ත් ක්‍රි.පූ. 30ත් අතර තරම් මෑත කාලයේ. එහෙම බැලුවම ක්ලියෝපැට්රාගේ ඉඳල ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට තියෙන කාලය අවුරුදු 3000කටත් වැඩියි . හැබැයි ක්ලියෝපැට්රාගෙ ඉඳලා වර්තමානය දක්වා කාලය අවුරුදු 2048ක් විතරයි . ඒ කියන්නෙ ක්ලියෝපැට්රා, ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට වඩා අපිට ලඟයි. තව ටිකක් තේරෙන්න කිව්වොත් ක්ලියෝපැ

හීන ලෝකය

Image
මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ . එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු  මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන .. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල  ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන. පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු. නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි කැලිෆෝනිය

ලෝක සිතියමේ නැති පාවෙන දූපත

Image
ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත. මේක එහෙම එකක් නෙමෙයි මේක මුහුදෙ පාවෙන දූපතක්. මේක කෘත්‍රිම දූපතක්. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ? මොකද මේක පාවෙන කසළ දූපතක්! ලෝකෙ එක එක රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැහෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන. මේ තමයි The Great Pacific Garbage Patch . මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.6ක් . ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තව ටිකක් තේරෙන්න කිව්වොත් මේක ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකු

මනසින් වැඩ ගැනීම

Image
අපිට හිතාගන්න වත් බැරි තරම් දියුණු යන්ත්‍රයක් තමයි අපේ මනස. එහෙමත් නැත්තං මොළය. අද මම කියල දෙන්න යන්නෙ ඒ සුපිරි මනසින් වැඩ ගන්න හැටි. මේක කරන්න පුළුවන් හොඳට සිත දියුණු කරපු අයට විතරද? නෑ මේක අපි හැමෝටම කරන්න පුළුවන්. පොඩි පුහුණුවක් විතරයි අවශ්‍ය. මේකෙන් අරුම පුදුම සිතූපැතූ සම්පත් ලබාගන්න පුළුවන්. මේ කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.. මේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන කියන තුන්වෙනි ලිපිය. හොල්මන් පෙනෙන හැටි ගැන ලියපු පළමු ලිපිය  මෙතනින්  හා DeJa-Vu ගැන ලියපු දෙවන ලිපිය මෙතනින් කැමති අය කියවන්න. මාස කිහිපයකට පස්සෙ බ්ලොග් එක ලියන නිසා මේ පාර ටිකක් දිග ලිපියක් තමයි ලියන්න හදන්නෙ. හැබැයි අර මුලදි කියපු සිතූපැතූ සම්පත් ලබාගන්න හැටි දැනගන්න නම් කම්මැලි නැතුව අන්තිම වෙනකන් කියවන්න වෙයි. හරි අපි කෙලින්ම කතාවට එමුකො. අපේ මොළය කියන්නෙ හරිම අපූරු උපකරණයක්. මොළය නිර්මාණය වෙලා තියෙන්නෙ නියුරෝන බිලියන 100ක් විතර එකතු වෙලා. අපේ මුළු මන්දාකිණියෙම තියෙන තරු ප්‍රමාණයත් බිලියන 100ක් විතර. ඉතින් හිතාගන්නකො කොච්චර ගොඩක් තියෙනවද කියලා. හැබැයි ඉතින් මේ ඔක්කොම එක පාර වැඩ කරන්නෙ නම් නෑ. මොකද මේ ඔක