Posts

Showing posts from 2022

ගිජුලිහිනියෝ - Vultures

Image
 ආර්ථික ලෝකයෙත් ඉන්නවා ගිජුලිහිනියො (Vultures) වර්ගයක්..  ඔන්න එක දූපතක් තියෙනවා. ඒ දූපත ජාත්‍යන්තර වෙළඳපොළට බැඳුම්කර නිකුත් කරනවා. අපි හිතමු ඩොලර් මිලියන 100ක බැඳුම්කරයක් කියලා. ලෝකෙ කොහෙහරි ආයෝජකයෙක් ඩොලර් මිලියන 100ක් දීලා මේ බැඳුම්කරය මිලදි ගන්නවා. මේ ගත්ත බැඳුම්කරය කල් පිරෙනකොට (maturity) අර ආයෝජකයට තමන්ගෙ සල්ලි සහ ප්‍රතිලාභ ලැබෙනවා. අපේ කතාවෙ තියෙන බැඳුම්කරය කල් පිරෙන්නෙ අවුරුද්දකින් කියල හිතමුකො. හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි අර දූපතේ ආර්ථිකය වේගයෙන් කඩාවැටෙන්න පටන්ගන්නවා. ඒ දූපතේ මිනිස්සුන්ට ඇරෙන්න මුළු ලෝකෙටම තේරෙන්න ගන්නවා තව මාස කීපයකින් මේ දූපත බංකොලොත් වෙන බව. ඉතින් අපේ අර ආයෝජකයා කල්පනා කරනවා මෙහෙම ගිහින් මුන් බංකොලොත් වුණාම මුන්ට මගෙන් ගත්ත ඩොලර් මිලියන 100 ආපහු දෙන්න බැරිවෙනවනෙ කියලා. ඒ කියන්නෙ එහෙම වුණොත් ආයෝජකයට ඩොලර් මිලියන 100ක් ගෙඩි පිටින් පාඩුයි. ඔය වෙලාවට අපේ කතාව වටේ කැරකෙන්න ගන්නවා ගිජුලිහිනියන් පිරිසක්. මේවා තමයි Vulture Funds කියන්නෙ. මේවා එක්තරා සමාගම් වර්ගයක්. මෙයාලා අර ආයෝජකයට ගිහින් කියනවා "මෙහෙම ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 100ක්ම පාඩ

ලෙබනන් අර්බුදය (සහ අපි)

Image
● දිගු ඉන්ධන පෝලිම්, ● නිරන්තර විදුලි කප්පාදු කිරීම්, ● අධික උද්ධමනය, ● ඖෂධ හිඟය, ● ගණුදෙනුකරුවන්ගේ මුදල් රඳවාගෙන සිටින බැංකු, ● ආහාර සහ ජල හිඟය නිකං අහල පුරුදුයි පුරුදුයි වගේද? නැත්තං කලබල වෙන්න එපා. ඉස්සරහට පුරුදු වෙයි. අද කියන්න යන්නෙ ලෙබනන් ආර්ථිකය කඩාගෙන වැටුණ හැටි. මේ කියන කරුණු කොයි තරම් අපේ රටට සමාන්තරද නැද්ද කියල තෝරා බේරා ගැනීම ඔබේ වැඩක්. ඡායාරූප : රොයිටර්ස් ලෙබනනයේ ජනගහනය ඉන්නෙ අධික පොහොසතුන් ඉතා සුළු ප්‍රමාණයකුත්, අධික දුප්පතුන් අති බහුතරයකුත් හැටියටයි (අපෙත් එහෙමද මන්දා). එරට පැවැති රජය අන්ත දූෂිත බවට ලොව පුරා කුප්‍රකටයි (අපේ නම් එහෙම නෑ මං හිතන්නෙ). 1975 ඉඳල 1990 දක්වා වසර 15ක් පුරාවට ලෙබනනයේ තිබුණා සිවිල් යුද්ධයක් (අපෙත් තිබුණද මන්දා). මේක අවසන් වෙන්නෙ දෙපාර්ශවය අතර ඇතිවුණ එකඟතාවයකින්. යුද්ධයේ අවසානය සමග ලෙබනන් රජය සීඝ්‍ර සංවර්ධන සැලැස්මක් ආරම්භ කරනවා. දැවැන්ත ගොඩනැගිලි, සුපිරි වෙළඳසැල්, අපාට්මන්ට් වගේ ඇහැට පෙනෙන, එහෙත් ප්‍රතිලාභ අවම සංවර්ධන ව්‍යාපෘති. (අපෙත් ඔහොමද මන්දා) ඔය අතරෙ ලෙබනන් රජය එරට මූල්‍ය ඒකකය වන ලීරා වලට වෙළෙඳපොළ අනුව නිදහසේ පාවෙන්න ඉඩ නොදී ඇමරිකන්