Posts

Showing posts from December, 2019

දකුණ තියෙන්නෙ උතුරෙ

Image
2019ට මම ලියන අන්තිම ලිපිය. 2019ට විතරක් නෙමෙයි මේ දශකයටම ලියන අන්තිම ලිපිය තමයි මේ. ඒක ලියන්නෙත් දශකයේ අන්තිම සති අන්තයේ අන්තිම පැය කිහිපයේ. මාතෘකාවෙ "දකුණ තියෙන්නෙ උතුරෙ" කියල කිව්වට මේ කියන්න යන්නෙ දකුණු රට ගැන නම් නෙමෙයි. අද මම කතා කරන්න යන්නෙ පෘථිවියේ උත්තර ධ්‍රැවය හා ධ්‍රැව ආශ්‍රිත යම් කරුණු කීපයක්. අපි උතුර කියල පාවිච්චි කරන "උතුරු" වර්ග 3ක් තියෙනවා. ඒ තමයි 1. භූගෝලීය උතුර  2. චුම්භක උතුර  3. සැබෑ උතුර ඔය 3 ගැන වෙන වෙනම බලමු.. ________________________________________ භූගෝලීය උතුර ලෝක සිතියමේ නැත්තං ආදර්ශ ලෝක ගෝලයේ තියෙනවනෙ දේශාංෂ රේඛා (සිරස් ඉරි). ඔන්න ඔය ඉරි ටික ගිහින් ලෝක ගෝලයේ මුදුනෙ එකතු වෙන තැනට තමයි භූගෝලීය උතුර කියල කියන්නෙ. භූගෝලීය උතුර තියෙන්නෙ ආක්ටික් වල පාවෙන අයිස් ස්ථරයක් මත. මේක අඩි 6ක් - 10ක් පමණ ඝනකම අයිස් ස්ථරයක්. Arctic summer එකේදි මේ අයිස් කුට්ටිය වර්ගඵලයෙන් බාගයක් පමණ දක්වා දියවෙනවා. ඒ කාලෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවක් තරම් ඉහළ යනවා. ඇන්ටාක්ටිකාව නම් එයාගෙ summe

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

Image
වැස්සට තෙමුණම හෙම්බිරිස්සාව හැදෙනවද? හෙම්බිරිස්සාව හැදුනම ඇමොක්සිලින් අරගෙන තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔක්කොම කියවන්න.. හෙම්බිරිස්සාවක් හැදිල නැති කෙනෙක් නෑනෙ. හැමෝටම හැදිල තියෙනවා. හෙම්බිරිස්සාව හැදෙන්න හේතුව වයිරසයක්. වයිරසයක් කිව්වට එක වයිරසයක් නෙමෙයි. වයිරස් වර්ග කිහිපයක්ම තියෙනවා. human rhinoviruses (HRV) coronaviruses parainfluenza viruses adenoviruses මේ අතරින් සෙම්ප්‍රතිශ්‍යා  බහුතරයකට විතර වගකියන වයිරස් වර්ගය තමයි Rhinovirus කියන්නෙ. HRV කාණ්ඩයට අයත් සෙම්ප්‍රතිශ්‍යා වර්ග 100ක් විතර තියෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව බෝවෙන ප්‍රධාන මාධ්‍ය තමයි ආසාදිත කෙනෙකුගෙ කිවිසුම්, ඛේටය වගේ දේවල්. මුඛ ආවරණ පැළඳීම මගින් මේ තත්වය අවම කරගත හැකි වුණත් ඒක. හැම තැනටම ප්‍රායෝගික නෑනෙ. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි පොදු ස්ථායකට ගිහින් ආපු විගසම හොඳට මුහුණ සහ අතපය සබන් ගාලා හෝදගන්න එක. __________________________________________ වැස්සට තෙමුණම හැදෙන හෙම්බිරිස්සාව කලින් කිව්වනෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ වයිරස් වලින් කියලා. හැබැයි අපි හැමෝම අත්දැකල තියෙන දෙයක් ත