Posts

Showing posts from June, 2019

අරාබි තෙල් - Arabian Oil

Image
පහුගිය දවස් වල සිදුවුණ පාස්කු ප්‍රහාරයත් එක්ක සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න පටන්ගත්තනෙ. ඒ වෙලාවෙ මුස්ලිම් අයගෙ සහ ඇතැම් සිංහල අයගෙ උත්තරයක් වුණේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනව නම් මුස්ලිම් අරාබියේ තෙලුත් වර්ජනය කරන්න කියන එක. ඒ තර්කය හරිද? මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලන්නයි අද අපේ සූදානම. _________________________________ මුලින්ම අපි බලමු කොහොමද මේ බොරතෙල් කියන දේ ඇතිවුණේ කියලා. මේක ගැන ලෝකයේ මත 2ක් තියෙනවා. 1. Biogenic : මේකෙදි කියන්නෙ බොරතෙල් නිෂ්පාදනය වුණේ විවිධ ජීවී ද්‍රව්‍ය කාලයක් පුරාවට ජීර්ණය වීමෙන් කියන එක 2. Abiogenic : මේකෙදි කියන්නෙ ජීවී නොවන කාබනික ද්‍රව්‍ය මගින් බොරතෙල් ඇතිවුණා කියන එක. ඒ කියන්නෙ ගිනිකඳු හා භූමිකම්පා වගේ දේවල් නිසා පෘථිවි පෘෂ්ඨයට යටින් තියෙන මැන්ටලය කියන කොටසෙන් එළියට එන වායූන් ඇසුරින් මේ සංසිද්ධිය ඇතිවුණා කියන එක. හැබැයි වර්තමානය වෙනකොට පොදුවේ පිළිගැනෙන්නෙ අර මුලින් කියපු biogenic මතවාදයයි. ඒ කියන්නෙ ජීවී ද්‍රව්‍ය ඇසුරින් බොරතෙල් නිෂ්පාදනය වුණා කියන එක. දැන් අපි බලමු කොහොමද එහෙම වුණේ කියන එක.

රේල් පාර උඩ නතරවෙන කාර්

Image
ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?? මේක ගැන පහුගිය දවසක ඇතිවුණ සංවාදයකට මමත් පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා. එතන හිටපු ගොඩක් අයගෙ අදහස වුණේ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බව. මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු. ================ කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්... මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා... සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ... වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්... මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම... ඒ කියන්නෙ මෝටර් වලින්... කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙන