Posts

Showing posts from April, 2019

විශ්වයේ ආරම්භය සජීවීව දකින ජේම්ස් වෙබ් James Webb

Image
මෑත ඉතිහාසයේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව සිදුකල විශිෂ්ටතම සොයාගැනීම හැටියට පසුගියදා ගැනුනු කළු කුහරයක accretion disk එකේ ඡායාරූපය අපිට සලකන්න පුළුවන්. හැබැයි අපි අද මේ කතා කරන්න යන්නෙ ඊට වඩා ගොඩාක් ලොකු සොයාගැනීමක් ගැන. මේක තමයි අභ්‍යවකාශ තාක්ෂණයේ එදා මෙදාතුර මිනිසා පනින ලොකුම පිම්ම. මේකත් එක්ක සසඳනකොට සඳ ගමන පවා එච්චර ලොකු දෙයක්ද කියල ආපහු හිතන්න වෙයි. මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන.. මේ කතාව මට දෙපැත්තකින් ඇවිත් තමයි පැහැදිලි කරන්න සිද්ධවෙන්නෙ. අපිට ආලෝකවර්ෂ 10ක් දුරින් තරුවක් තියෙනවා කියල උපකල්පනය කරන්නකො. එතකොට ඒ තරුවෙ ආලෝකය අපිට ලැබෙන්න අවුරුදු 10ක් යනවා. ඒ කියන්නෙ අපි අද දකින්නෙ ඒ තරුව අවුරුදු 10කට කලින් නිකුත් කරපු ආලෝකය. සරලවම කිව්වොත් අපි මේ දකින්නෙ අවුරුදු 10කට කලින් ඒ තරුව තිබුණ හැටි. තවත් විදිහකට කිව්වොත්... අපිට ආලෝක වර්ෂ 10ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 10ක් අතීතය .. අපිට ආලෝක වර්ෂ 55ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 55ක් අතීතය .. අපිට ආලෝක වර්ෂ බිලියන 1