Posts

Showing posts from August, 2019

චර්නොබිල් වල මොකද වුණේ? (දෙවෙනි කොටස) Chernobyl Disaster (Part 2)

Image
පළවෙනි කොටසෙදි කිව්වනෙ චර්නොබිල් සැකැස්මෙ මරණීය වැරැද්දක් තිබුණා කියලා.. මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනෙකුට සෘජුවම ජීවිත අහිමිවුණා. මේ කියන්න යන්නෙ ඒ කතාව.. ලෝකයේ න්‍යෂ්ටික බලාගාර පරම්පරා 5ක් තියෙනවා. අද බහුලව තියෙන්නෙ 3+ පරම්පරාව. රුසියාවෙ සහ චීනයේ නම් දැනටම 4 වෙනි පරම්පරාවෙ බලාගාර ක්‍රියාත්මක වෙනවා. ජපානයත් ලඟදිම ඒ තැනට එන්න සූදානම්. රුසියාව නම් 5ට යන්න පරීක්ෂණ කරන බවටත් කටකතා තියෙනවා. කොහොම වුණත් අපේ කතා නායකයා චර්නොබිල් නම් දෙවෙනි පරම්පරාවෙ මුලම බිහිවුණ බොහොම පැරණි බලාගාරයක් මේකෙ රිඇක්ටර්ස් 4ක් තියෙනවා (තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුනා). මේ සෝවියට් රිඇක්ටර් වලට කිව්වෙ  RBMK  (reaktor bolshoy moshchnosty kanalny - High-power channel type reactor) කියලා. මේ RBMK රිඇක්ටර් වල designing fault එකක් තිබුණා. ඒවා නිවැරැදි කෙරුනෙ චර්නොබිල් පිපිරීමෙන් පසුවයි. මේ ජාතියෙ RBMK රිඇක්ටර් සෝවියට් රුසියාව පුරාම තිබුණා. 1986දි පුපුරපු චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකට අල්ලපු වැටේ තියෙන 3 වෙනි රිඇක්ටර් එක පවා 2000 අවුරුද්ද වෙනකන්ම ක්‍ර

චර්නොබිල් වල මොකද වුණේ? (පළමු කොටස) Chernobyl Disaster (Part 1)

Image
මේ දවස් වල කට්ටිය සැරටම Chernobyl tv series එක බලනවනෙ. හැබැයි චර්නොබිල් ව්‍යසනය සිදුවුණ ආකාරය ගොඩක් අයට එච්චරම පැහැදිලි වෙලා තිබුණෙ නෑ. ඒ සම්බන්ධව ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ නිසා මම හිතුවා චර්නොබිල් න්‍යෂ්ටික අනතුර ගැන ටිකක් සරල පැහැදිලි කිරීමක් කරන්න. සෝවියට් රුසියාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 10%ක් විතර සපුරපු න්‍යෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය. චර්නොබිල් සහ pripyat ප්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නෙ බෙලරුස් සහ යුක්රේනයට. අදටත් මේ බ්මේ වර්ගකිලෝමීටර් 2600ක් ජනශූන්‍යයි. තව අවුරුදු 3000ක් විතර යනතුරු තත්වය එහෙමයි. හේතුව තමයි කවුරුත් දන්න චර්නොබිල් න්‍යෂ්ටික අනතුර. චර්නොබිල් අනතුර ගැන දැනගන්න කලින් මුලින්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික බලාගාරයක සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන තේරුම්ගන්න වෙනවා. න්‍යෂ්ටික බලාගාර වල ඉන්ධනය හැටියට අරගන්නෙ යුරේනියම් . මේ තියෙන්නෙ ඒවා.. මේ න්‍යෂ්ටික ඉන්ධන වල සංයුතියෙන් 4% - 5%ක් වගේ තමයි යුරේනියම්-235 සමස්ථානිකය තියෙන්නෙ. ඉතිරි සේරම යුරේනියම්-238.  යුරේනියම්-235 දාම ප්‍රතික්‍රියාවෙන් හැදෙන නියුට්‍රෝන අවශෝෂණය