Posts

Showing posts from May, 2019

පෘථිවියේ මහා නෂ්ටවීම් 5 - The 5 Great Extinctions

Image
පෘථිවියේ ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද කියන එක හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් යන්තමින් බේරුනා. ඒ හැම අවස්ථාවකදිම පෘථිවියේ ජීවයෙන් 70%කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අද අපේ මාතෘකාව පෘථිවියේ මහා නෂ්ට වීම් පහ ගැනයි.. ____________________________________________ 445 Million Years Ago 1) Ordovician මහා නෂ්ටවීම.. මේ නෂ්ටවීම ඇතිවුණේ දළ වශයෙන් අදින් අවුරුදු මිලියන 445කට විතර කලින්. මේ නෂ්ට වීමට හේතුව උනේ පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් අඩුවීම නිසා පෘථිවිය ඉතාම කෙටි කාලයක් තුල සීතල වෙලා මහා හිම යුගයකට යාම. මේකෙදි දැවැන්ත ග්ලැසියර සෑදීම නිසා මුහුදු මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙන්න පටන්ගත්තා. මේ කාලයේදි පෘථිවියේ ජීවය තනිකරම පාහේ තිබුණෙ සාගරයේ. ඉතින් මේ සාගර ජීවීන්ට අධික ශීතලකට මුහුණදෙන්න සිදුවුණා මදිවට තමන්ගෙ වාසස්ථානත් නැතිකරගන්න සිදුවුණා. අවාසනාවට ඒක එයාලට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නෂ්ටවීම වසර මිලියන 10ක් පමණ කාලයක් පුරාවට සිදුවුණා. මේකෙන් පෘථිවියේ ජීවයෙන් 85% ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ගියා.