Posts

Showing posts from October, 2019

ලොවක් ණයගැති පුංචි කෘමියා - මීමැස්සා

Image
මීමැස්සො ලෝකෙන් තුරන් වුණොත් මිනිස්සුත් ටික කාලෙකින් ලෝකෙන් වඳවෙලා යනවා. කොහොමද පුංචි සතෙක් එච්චර ලොකු දෙයක් කරන්නෙ? මීමැස්සො කියන්නෙ සොබාදහමෙ ඉන්න අතිශයින්ම වැදගත් පුරුකක්. මෙයාලගෙ මේ තියෙන වටිනාකම නිසාම මෙයාලා නැතිවුණ දවසක ඒ එක්කම අපිත් අවසන් ගමන් යනවා. පෘථිවිය තුල අපේ පැවැත්ම තීරණය කරන්නෙ මෙයාලා. කතාව මෙහෙමයි.. මීමැස්සා තමයි පරාගණයේ ප්‍රාථමික පුරුක. ඊට අමතරව සුළඟ, කුරුල්ලො, සමනල්ලු, වෙනත් කෘමීන් වගේ තවත් පරාගණ ක්‍රම තිබුණට කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය අතින් ඒ ක්‍රම වලට මීමැස්සො එක්ක හැරෙන්න වත් බෑ. එක මීමැසි කොලනියකට පුළුවන් දවසක් තුල මල් මිලියන 300ක් විතර පරාගණය කරන්න. ඉතින් මීමැස්සො නැතිවෙනවා කියන්නෙ ඒ එක්කම ශාක පරාගණයත් නතර වෙනවා කියන එක. මේ වෙනකොට මීමැස්සො වඳවීයාමේ තර්ජනයට මුහුණදෙමින් සිටිනවා. 2016 2017 අතර මීමැසිගහණය ව්ශාල ප්‍රතිශතයකින් අඩුවෙලා (dailymail). 2017 සහ 2018 වසර දෙකේදි විතරක් සැලකිය යුතු මීමැසි ප්‍රභේද සංඛ්‍යාවක් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති සත්ව ලයිස්තුවට ඇතුලත් කෙරුණා. මීමැස්සන්ට මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා 1. කෘමිනාශක ඔව් ඉත

සිග්නල් ටවර් එකක් අසල ජීවත්වීම ආරක්ෂිතද?

Image
සන්නිවේදන තාක්ෂණයේ වේගවත් දියුණුවත් එක්ක අද වෙනකොට එහෙ බැලුවත් සිග්නල් ටවර්ස්, මෙහෙ බැලුවත් සිග්නල් ටවර්ස්. නාගරිකව නම් මේ තත්වෙ ඉතාම වැඩියි. සමහරවිට ඔයාලගෙ ගෙදර ලඟත් සිග්නල් ටවර් එකක් ඇති. මේ වගේ ටවර් එකක් අසල ජීවත්වෙන එක සෞඛ්‍යාරක්ෂිතද? මේවා නිසා අකුණු අනතුරු වලට මුහුණදෙන්න වෙයිද? අද අපේ කතාව ඒ ගැන.. - ජාතික පුවත්පත් වාර්තාවක්- ජාතික පුවත්පත් වාර්තාවක්- පහුගිය දවස් වල මේ ගැන ලියන්න ඉල්ලීම් කීපයක් ලැබුණත් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් හිටපු නිසා වැඩේ ටිකක් කල් ගියා. ඔන්න ඒ හැමෝටම ඔයාලා ඉල්ලපු විස්තරාත්මක පැහැදිලි කිරීම.. ______________________________________ ජංගම දුරකථන සේවා සැපයීම සඳහා විවිධ වර්ගයේ සිග්නල් ටවර්ස් භාවිතා වෙනවා. 1.පොළොවෙ ඉඳල අහස උසට නැගෙන වානේ structures වලින් හදපු greenfield towers 2.නාගරිකව දකින්න ලැබෙන උස් ගොඩනැගිල්ලක rooftop එකේ ඉදිකරන ලද ටවර්ස් 3.පරිසරයට අනුගත වීම සඳහා ගසක පෙනුමට හදපු tree towers (ඊළඟ පාර BMICH එකට ගියාම ටිකක් වටපිට බලන්න. Tree tower එකක් දකින්න පුළුවන් වෙයි) 4.විශාල ගොඩනැගිලි වල ඇතුලෙ හදන Inb