Posts

Showing posts from December, 2020

සුළිසුලඟක් කැරකෙන දිශාව

Image
ඔබ බොහෝ විට කුඩා කාලයේ අසා ඇති පෘථිවියේ උතුරු අර්ධගෝලයේදී සින්ක් වල වතුර බහින්නේ වාමාවර්ත සුළියක් ඇති කරමින් බවත් දකුණු අර්ධගෝලයේ සින්ක් වල වතුර බහින්නේ දක්ෂිණාවර්තව සුළියක් ඇතිකරම්න් බවත්. එහෙම වෙන්නෙ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා වගේ කතාවකුත් සමහරවිට අහල ඇති. ඇත්තටම ඔය කතා ඔක්කොම සාවද්‍යයි.  සින්ක් වල වතුර බහින දිශාවට පෘථිවිය මත එහි පිහිටීම අදාළ නෑ. ඔබ සමකය මත පිහිටි උගන්ඩාව වැනි රටක සංචාරය කර තිබෙනවා නම් බොහෝ විට දැක ඇති එහි වැසියන් සමකය ලෙස නම් කල ඉරක් ඇඳ ඒ මතත්, ඉරෙන් දෙපසත් වෙන වෙනම සින්ක් 3ක් තබා වතුර යවන හැටි. එහිදී උතුරු අර්ධගෝලයේ සින්ක් එකේ වාමාවර්තවත් දකුණු අර්ධගෝලයේ සින්ක් එකේ දක්ෂිණාවර්තවත් සුළියක් ඇති කරම්න් වතුර බසිද්දි සමකය යැයි ඔවුන් කියාගන්නා ඉර මත ඇති සින්ක් එකෙහි වතුර බසින්නේ කිසිම සුළියක් ඇති නොකරම්න්. මෙය එම ප්‍රදේශ වල ප්‍රසිද්ධ ව්‍යාපාරයක් වන අතර සරළ ඇස්බැන්දුමක් හැරුණු විට මෙහිද සත්‍යතාවයක් නැහැ. සින්ක් වැනි කුඩා වපසරියකට අදාළ නොවුණත් මේ සුළි කතාව සමහර අතිවිශාල තැන් වලට හොඳටම අදාලයි. උදාහරණයක් හැටියට සුළි සුළඟක් සලකන්න පුළුවන්. සුළි සුළඟක් නම් ඇත්ත වශයෙන්ම උතු