Posts

Showing posts from January, 2020

කොරෝනාවයිරසය FAQ - Coronavirus FAQ

Image
Coronavirus එක ගැන සහ ඒකෙ ප්‍රතිඵල ගැන දැන් හැමෝම වගේ දැනුවත්නෙ. ඒ නිසා වැඩි විස්තර නැතුව අතුරු ප්‍රශ්න කීපයකට උත්තර විතරක් කියන්නම්.. ______________________________________ වූහාන් වල වයිරසයෙ ඇත්ත නම.. coronavirus කියන්නෙ humanrhinovirus වගේම "වයිරස් කාණ්ඩයක්". "එක වයිරසයක්" නෙමෙයි. Group එකක්. කොරෝනා වයිරස් වලට අයත් වයිරස් ගොඩක් තියෙනවා. ඉස්සර ආපු SARS අයිති වුණෙත් coronavirus group එකටමයි. දැන් මේ චීනෙන් වාර්තාවුණ coronavirus එකට නම තිබ්බෙ 2019-nCoV (nCoV කියන්නෙ novel coronavirus) කියලා. ඒක තමයි මේකෙ නම. මේක මෙහෙම හොයාගත්තෙ පළවෙනි පාරට. ______________________________________ ලෙඩේට හේතුව.. මුලින්ම සැක කරා මේක පටන්ගත්තෙ මත්ස්‍ය තොග වෙළඳපොළක් ආශ්‍රිතව මුහුදු ක්ෂීරපායින්ගෙන් බවට. පස්සෙ ඒ කතාව වෙනස් වෙලා chinese cobra තමයි චූදිතයා වුණේ. හැබැයි ඊට පස්සෙ ඒකත් වෙනස් වෙලා චීනයේ සම්ප්‍රදායික වවුල් සුප් එකක් දක්වා කතාව දුරදිග ගියා. මේ වෙනකොට පිළිගන්නෙ මේ ලෙඩේ වවුලන්ගෙන් පැතිරුණ බවට. හැබැයි ඒකත් තාම තහවුරු වෙලා නෑ. ඒ කියන්නෙ රෝග

ගෝලීය උණුසුම

Image
නව වසර උදාව ඔස්ට්‍රේලියාවට නම් එතරම් හිතකර වුණේ නෑ. ඇමේසන් ගින්න ඉවරවුණා විතරයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාව දැවැන්ත ලැව්ගින්නකින් පීඩා විඳිනවා. ඇයි ලෝකයට මෙහෙම වුණේ? ඒ ගැන කතා කරන්න කලින් ප්‍රවේශයක් ගන්න පොඩ්ඩක් ඕස්ට්‍රේලියාවේ මේ ඡායාරූප ටික බලල ඉමු.. මේ ඕස්ට්‍රේලියාවට මේ වෙනකොට ලැව්ගින්න බලපාලා තියෙන හැටි.. මේ වෙනකොට අක්කර මිලියන 15ක භූමියක් ගිණිගෙන අවසන්. අධික සුළං සහ අකුණු නිසා ගින්න බොහොම දුරට වේගයෙන් පැතිරෙමින් පවතිනවා. තවමත් ගින්න ඉවරවෙන පාටක් වත් නෑ.. හැබැයි මනුෂ්‍යත්වය ගිණිගත්තෙ නෑ. ගින්නට අහුවුණ සතුන් බේරගන්න ගොඩක් මිනිස්සු එකතු වුණා.. මේ තියෙන්නෙ ගිණි නිවන භටයින් කරපු අසමසම කැපකිරීම් වලින් බිඳක්.. මේ අය හැමෝම ගින්න මැදට ගියෙ තමන්ට ආපහු පණපිටින් එන්න ලැබෙයිද කියන එකත් ස්ථිර නැතුව.. හැබැයි කාටවත් බේරගන්න බැරිවුණ අහිංසක ජීවිත ගොඩකට පණපිටින් පිළිස්සෙන්න සිදුවුණා..  ඊළඟ ඡායාරූප කිහිපය සංවේදී අය නොබලන තරමට හොඳයි..