කොරෝනාවයිරසය FAQ - Coronavirus FAQ


Coronavirus එක ගැන සහ ඒකෙ ප්‍රතිඵල ගැන දැන් හැමෝම වගේ දැනුවත්නෙ. ඒ නිසා වැඩි විස්තර නැතුව අතුරු ප්‍රශ්න කීපයකට උත්තර විතරක් කියන්නම්..




______________________________________


වූහාන් වල වයිරසයෙ ඇත්ත නම..


coronavirus කියන්නෙ humanrhinovirus වගේම "වයිරස් කාණ්ඩයක්". "එක වයිරසයක්" නෙමෙයි. Group එකක්. කොරෝනා වයිරස් වලට අයත් වයිරස් ගොඩක් තියෙනවා. ඉස්සර ආපු SARS අයිති වුණෙත් coronavirus group එකටමයි. දැන් මේ චීනෙන් වාර්තාවුණ coronavirus එකට නම තිබ්බෙ 2019-nCoV (nCoV කියන්නෙ novel coronavirus) කියලා. ඒක තමයි මේකෙ නම. මේක මෙහෙම හොයාගත්තෙ පළවෙනි පාරට.


______________________________________



ලෙඩේට හේතුව..


මුලින්ම සැක කරා මේක පටන්ගත්තෙ මත්ස්‍ය තොග වෙළඳපොළක් ආශ්‍රිතව මුහුදු ක්ෂීරපායින්ගෙන් බවට. පස්සෙ ඒ කතාව වෙනස් වෙලා chinese cobra තමයි චූදිතයා වුණේ. හැබැයි ඊට පස්සෙ ඒකත් වෙනස් වෙලා චීනයේ සම්ප්‍රදායික වවුල් සුප් එකක් දක්වා කතාව දුරදිග ගියා. මේ වෙනකොට පිළිගන්නෙ මේ ලෙඩේ වවුලන්ගෙන් පැතිරුණ බවට. හැබැයි ඒකත් තාම තහවුරු වෙලා නෑ. ඒ කියන්නෙ රෝගයට තාමත් නිශ්චිත හේතුවක් නෑ.


-අගතියට පත් චයිනීස් කෝබ්‍රා-


______________________________________


Online බඩු ගෙන්වීම..


බාහිර පරිසරය තුල වයිරසයක සාමාන්‍ය ජීව කාලය පැය කිහිපයක් පමණයි. ගොඩක් ඒවා පැය 24ක් වගේ. පණ තියෙන ධාරකයෙක් (host) කෙනෙක් හිටියොත් තමයි වයිරසය රැකිල තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයා online ගෙන්නන්නෙ පණ නැති දෙයක් නම් ඒ ගේන බඩුවට coronavirus අවදානම ඉතාම අවමයි.


ඇයි අවදානමක් නෑ නොකියා අවමයි කිව්වෙ?

ඒකට හේතුව තමයි ඉතාම කලාතුරකින් සමහර බලගතු වයිරස් තියෙනවා host කෙනෙක් නැතුව මාසයක් දක්වා රැකෙන්න පුළුවන් ඒවා. මේ 2019-nCoV වයිරසයෙ ජීව කාලය ගැන තාම වැඩි විස්තර නැතත් දින කීපයකට වඩා දීර්ඝ කාලයක් නොවෙන බවට තමයි මත පළවෙන්නෙ. ප්ලාස්ටික් මත වෛරසයක් රැකෙන්නෙ පැය කිහිපයයි නිසා එච්චර බයවෙන්න දෙයකුත් හැබැයි. දියර සහිත දෙයක් නම් ගේන්න කලින් දෙපාරක් හිතන්න. අවදානම ගැනීම හෝ නොගැනීම ඔබ සතුයි.



______________________________________


හැදුනොත් මැරෙනවද?


තාමත් මේ coronavirus එකට අදාළ මරණ ප්‍රතිශතය අවමයි. SARS වලට වඩා ගොඩක් අඩුයි. තාම රෝගීන් වාර්තා වෙන මුල් කාලය නිසා හරියටම ප්‍රතිශතයක් ඉදිරිපත් කරන්න බෑ. නමුත් මාධ්‍ය වල දකින තරම්ම මාරාන්තික නොවෙන්න පුළුවන්.




ඒ දැනට තත්වය. හැබැයි ඕන තරම් වයිරස් පසුව විකෘති වෙනවා. Virus mutation ගැන The Last Ship කතා මාලාව බලපු අයට මතක ඇතිනෙ. සැබෑ ලෝකයේ තත්වය ඒ තරම් දරුණු නොවුණත් විකෘතියක් ඇති නොවෙයි කියල කියන්න බෑ. ඒ නිසා අනාගතයේ මරණ ප්‍රතිශතය දැනට වඩා වැඩි වෙන්න පුළුවන්.

ඒ වගේම දැනට මියගොස් සිටින ගණන පිළිබඳව සත්‍ය තොරතුරු චීන රජය ඉදිරිපත් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. චීනය කියන්නෙ වෙනම ලෝකයක්. ලොකු සිද්ධියක් වුණත් බාහිර ලෝකයෙන් වසන් කරන එක ඔවුන්ට බැරිම වැඩක් නෙමෙයි.


-සිය ජීවිතය අවදානමක දමාගනිමින් අසරණ වූහන් ජනතාවට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර වයිරසය ආසාදනය වීමෙන් මියගිය වෛද්‍ය Liang Wudong මහතා-


______________________________________


ඇල්කොහොල්..





ඇල්කොහොල් වලට වයිරසය මරන්න පුළුවන් කියලත් දැක්කා. ඔන්න අපේ කට්ටියට අවුරුදු වගේ. Headline එකේ එහෙම තිබුණට ඒ වාර්තාව කියවල බැලුවම ඒකෙ තියෙන්නෙ 75% එතනෝල් (හෝ වෙනත් විද්‍යාගාර වල භාවිතා වන මධ්‍යසාරයක්) - ක්ලෝරින් මිශ්‍රණයක් ගැන. එහෙම නැතුව අපේ අය බොන මත්පැන් ගැන නෙමෙයි. තවදුරටත් හොයාගෙන යනකොට ඒ වාර්තාව නිල නොවන සහ තවමත් තහවුරු නොකරන ලද එකක්. ඒ නිසා ලැබූ ජයග්‍රහණය සමරන්න හදිස්සි වෙන්න එපා. අන්තිමට වෙරි මරගාතෙම කොරෝනා හදාගන්නයි වෙන්නෙ.




අවශ්‍ය නම් ඇල්කොහොල් ස්ප්‍රීතු සහිත hand sanitizer බෝතල් ෆාමසි සහ super markets වලින් මිලදීගන්න පුළුවන්.


______________________________________



ඇමරිකාවෙ ජෛව අවියක්ද?


මේ වයිරසය ඇමරිකාවෙන් චීනයට එවපු ජෛව අවියක් කියලත් තියෙනවා දැක්කා. එහෙම නම් හිතන්න අමාරුයි. මොකද ජෛව අවියක් හැටියට සලකන්න මේක දුර්වල වැඩියි. මේක අක්‍රමවත් ආහාර රටා නිසා වෙච්ච ප්‍රශ්නයක් බව තමයි පෙනෙන්න තියෙන්නෙ.


______________________________________


වූහාන් වල ඉන්න ලංකාවෙ අය..


ලංකාවෙන් වූහාන් ගිය සමහරු එහෙ හිරවෙලා ඉන්නෙ. කෑම බීම තියෙන්නෙත් සතියකට විතරයිලු. එයාලව ආපහු ලංකාවට ගෙන්නගන්න කියල සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කරල තිබුණා. ඒ පිරිස ලංකාවට ගෙන්වීම ටිකක් භයානක තත්වයක්. මොකද ඒකෙන් වෙන්නෙ තවත් මිලියන 20ක් අනවශ්‍ය අවදානමක දැමීමක්. චීන රජය වුණත් ඒකට අවසර දෙන එකක් නෑ. කෙරෙන්න ඕන එයාලව ගෙන්නගන්නෙ නැතුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පාවිච්චි කරලා එයාලට අවශ්‍ය ආහාර, පානීය ජලය, බෙහෙත්, සනීපාරක්ෂක පහසුකම් වගේ සැපයුම් ලැබෙන්න සලස්වන එකයි. අමානුෂිකයි තමයි. ඒත් ඕක තමයි උත්තරේ.




ගෙන්වන්නම ඕන නම් ඔවුන්ව විශේෂ ගුවන්යානයකින් ගෙන්වාගෙන සති 3ක් විතර මෙහෙ නිරෝධායන මධ්‍යස්ථානයක නතර කරගැනීමත් හොඳ විකල්පයක්. හැබැයි කොහෙහරි අඩුපාඩුවක් වුණොත් රට පුරා රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා.


______________________________________


අපේ එයාපෝට් එකේදි coronavirus අල්ලන්න පුළුවන්ද?


බෑ දෙයියනේ බෑ. පවිත්‍රා ඇන්ටි පාර්ලිමේන්තුවේ මොන බයිලා ගැහුවත් එයාපෝට් එකෙන් coronavirus නවත්තන්න බෑ. අපිට තියා ඇමරිකාවටත් බැරිවුනා. කටුනායක එයාපෝට් එකේ ඔය අටවල තියෙන්නෙ thermal sensor එකක් විතරයි. ඕකෙන් කරන්න පුළුවන් උෂ්ණත්වය බලන එක විතරයි. ඒ කියන්නෙ තරමක උණක් තියාගෙන එන කෙනෙක් හඳුනගන්න විතරයි පුළුවන්. එතකොට coronavirus ආසාදිත හැබැයි උණ නැති කෙනෙක් ආවොත්? අල්ලයි කියල තමයි බය.




ඇමරිකාවටත් ඔහොම වැඩක් වුණා. එහෙ නම් මෙහෙ වගේ නෙමෙයි එයාපෝට් එකේදි medical test එකකුත් කරලයි ගත්තෙ. හැබැයි මීට දවස් 12කට කලින් චීනයේ ඉඳල චිකාගෝ ආපු කාන්තාවකට මේ වෙනකොට 2019-nCoV තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නෙ incubation period එක දවස් 12ක් වෙන්නත් පුළුවන්. නිළ නොවන වාර්තා අනුව වයිරසය ආසාදනය වීම හා රෝග ලක්ෂණ පෙන්වීම අතර කාලය දින 5 සිට සති 2ක් දක්වා පරාසයක පැතිරෙනවා.


එතකොට එයාව චිකාගෝ එයාපෝට් එකේදි අහුවුණේ නැද්ද?

නෑ. මොකද medical test එක කරන වෙලාවෙ එයාට කිසිම ආසාදිත ලක්ෂණයක් තිබිල නෑ. දවස් 12කට පස්සෙ ඔන්න අද තමයි ආසාදිත ලක්ෂණ වාර්තා වෙලා තියෙන්නෙ. ඇමරිකාවෙ, ප්‍රංශයේ, ජපානයේ, ඕස්ට්‍රේලියාවේ තත්වය ඕක නම් දුප්පත් ලංකාවෙ එයාපෝට් එකේ කරන්නෙ නිකංම නිකං විහිළුවක් විතරයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.


______________________________________


අපිට බැරිද චීන්නුන්ට ලංකාවට එන්න තහනම් කරන්න?


අපිට බෑනෙ එයාලගෙ ඉඩම් වලට එයාලට එන්න තහනම් කරන්න. ඒක චීනයෙන් වෙන්න ඕන යුතුකමක්. හැබැයි ඒක වෙන්නෙ නෑ කියල තමයි පේන්නෙ. අනික ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලිය හදීසි තත්වයක් ප්‍රකාශ කරලා නැති නිසා චීන්නුන්ට එන්න තහනම් කරන එක තවත් අමාරුයි. හැබැයි මීට සතියකට විතර කලින් WHO එකෙන් චීනය සඳහා හදීසි තත්වයක් ප්‍රකාශ කරපු නිසා ඒක පාදක කරගෙන ඕන නම් අපිටත් චීන ආගමන තාවකාලිකව තහනම් කරන්න හැකියාව තිබුණා.


______________________________________


ලංකාවට දැනටමත් මේ වයිරසය ඇවිත්ද?


2019-nCoV හැටියට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙක් මේ වෙනකොට අංගොඩ උණ රෝහලට ඇතුලත් වෙලා ඉන්නවා. මේ ඒ ගැන පළවුණ මාධ්‍ය වාර්තාවක්.





තවමත් මේ අයට තිබෙන රෝග තත්වය තහවුරු වෙලා නෑ. ඒ නිසා වයිරසය නිළ වශයෙන් ලංකාවට ඇතුළු වෙලා කියල ප්‍රකාශ කරන්න බෑ. කොහොම වුණත් මේ වෙනකොට chinese new year එකට චීනෙට ගිය චීන ජාතිකයො දැන් මහා පරිමාණයෙන් ආපහු ලංකාවට එනගමන් ඉන්නෙ. බොහෝදුරට දැනටමත් ලංකාවට වයිරසය ඇතුළුවෙලා ඉවරයි වෙන්නත් පුළුවන්. ප්‍රවේශම් වීම තමතමන්ගේ වගකීමක්..


- රෙහාන් මෙන්ඩිස්


..UPDATE..

මේ වෙලාවෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යැයි කියාගන්නා ෆේස්බුක් පිටුවක් මගින් මෙන්න මේ නොමග යවනසුළු පණිවුඩයක් සමාජගත කරන්න උත්සාහ කරනවා..

Click here for the link..

-False Information-

මේක මෝඩ කතාවක්. අද වෛරසය ආසාදනය වුණ චීන ජාතිකයෙක් හෙට කොළඹ නගරයේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඉන්න පුළුවන්. ඒ අය අතරෙ අපේ අය Mask නැතුව හිටියොත් කිසිම බාධාවක් නැතුව අපේ අයටත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්. එතකොට පරක්කු වැඩියි. සතියක් 2ක් යනකොට චීනයි අපියි දෙන්නම ලෙඩ වෙලා. ඊට පස්සෙ mask දාලා වැඩක් නෑ. තෙමිල තෙමිලා වැස්ස නතර වුණාට පස්සෙ රේන්කෝට් එක දාලා වැඩක් නෑ. රාජ්‍ය නිවේදන එන්නෙ මෙහෙම නම් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගන්න එක තමයි හොඳ.


______________________________________


MASK එක දාන හරි පැත්ත..

රෝගී නම් එක පැත්තකටත් නිරෝගී නම් තව පැත්තකටත් Mask දාන්න කියලත් බොරුවක් share වෙනවා.


-FAKE NEWS-
-FAKE NEWS-

මේකත් වැරදියි. මේ මාස්ක් දාන පැති 2ක් නෑ. නිල් පාට පැත්ත කොහොමත් එළියට. ඒ පැත්ත fluid repellent (ද්‍රව විකර්ෂකයක්) මතුපිටක්. එතකොට බාහිරින් එන රෝගකාරක සහිත ජල වාෂ්ප, තෙතමනය මාස්ක් එක උඩ රැඳෙන්නෙ නෑ. සුදු පාට පැත්ත absorbent එකක්. ඒ කියන්නෙ ඒ පැත්තට තෙතමනය ආකර්ශනය වෙනවා. ඒ නිසා සුදු පැත්ත තමයි ඇතුල් පැත්ත වෙන්නෙ. තෙතමනය සහිත තැනක හුස්මගැනීම අපහසු නිසයි ඒ layer එක absorbent එකක් කරල තියෙන්නෙ. ඔය සුදු නිල් layers 2 මැද තමයි filter එක තියෙන්නෙ..


කවුරුහරි දෙපැත්ත මාරු කරල මාස්ක් එක දැම්මොත් තෙතමනය උරාගන්න සුදු පැත්ත එළියෙ නිසා අහක යන වයිරස් ඇවිත් මාස්ක් එකේ ඇලෙනවා. තෙතමනය කියන්නෙ වයිරස් වල හොඳ මිතුරෙක්. හරි පැත්තට මාස්ක් එක දාගන්න..





UPDATE   2020/01/27

ශ්‍රී ලංකාවේ පළමු රෝගියා අද දින වාර්තා වී තිබෙනවා. 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.


ඒ අනුව 2019-nCoV වෛරසය නිළ වශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබෙනවා..

______________________________________


REFERENCES


https://www.straitstimes.com/singapore/health/should-surgical-masks-be-worn-inside-out



Comments

  1. හීනියට මරාට ගහලා ����

    ReplyDelete
    Replies
    1. මරා, ගොරා, සිරා, රනා, පුතා, දිසා මේ ඔක්කොම කරේ ලංකාව චීනයේ කොටසක් වෙන්න ඉඩ ඇරපු එක තමයි. මේවට අඩු වැඩි වශයෙන් ඔය හැමෝම වගකියන්න ඕන.. දේශපාලනික කෝණයකින් බලන්න එපා. මොකද දේශපාලන පක්ෂ භේද තියෙන්නෙ මහජනතාවට විතරයි. දේශපාලකයන්ට පක්ෂ භේද නෑ

      Delete
  2. Thank you for ur Article.I didnt miss any.

    ReplyDelete
    Replies
    1. Thank you very much for staying with us 😊😊
      Btw sorry for the late reply 😁

      Delete
  3. Great Article...
    Very Useful...
    Thank You...

    ReplyDelete
  4. අනාගතය දැකලා දාපු post එකක් වගේ. සුපිරි ඈ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

නිකොලා ටෙස්ලා

මනසින් වැඩ ගැනීම

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය