Posts

Showing posts from October, 2020

"වර්තනය" ඉගෙනගත්තා හරිද? - Something About Refraction

Image
මේ කතාව වඩාත් සුදුසු වෙන්නෙ උසස්පෙළ භෞතික විද්‍යාව හදාරන ළමයින්ට සහ ගුරුවරුන්ට. ප්‍රකාශ විද්‍යාවෙදි ආලෝක වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංගයක් එක් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයකට යාමේදී මාධ්‍ය දෙක අතර අතුරු මුහුණතේ දී තරංගයේ ප්‍රවේගය හා ගමන් දිශාව වෙනස් වීම නෙ. දිශාව වෙනස් වෙන හැටි නම් ස්නෙල් නියම දාගෙන ඉගෙනගත්තනෙ. ඒත් ආලෝක කිරණයේ වේගය වෙනස් වෙන හැටි ඉගෙනගත්තද? ආලෝකයේ වේගය ඇත්තටම එහෙම වෙනස් වෙනවද? ඔක්කොම කියෙව්වොත් උත්තරේ දැනගන්න පුළුවන්. Image Credit : Fermilabs මුලින්ම කියන්න ඕන මේක ලියන්න කලින් මම ලංකාවෙ ප්‍රසිද්ධ ගුරුවරු කීපදෙනෙක් youtube එකේ ප්‍රකාශ විද්‍යාව උගන්නන වීඩියෝ බැලුවා. හැබැයි එකක වත් මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ. සමහරවිට සිලබස් එකේ නැති නිසා වෙන්න ඇති. අන්තර්ජාලයේ ශ්‍රී ලාංකීය වෙබ්අඩවි වල බැලුවා. ඒත් නෑ. සමහරවිට මේ සංසිද්ධිය අන්තර්ජාලය තුල සිංහලෙන් පැහැදිලි කෙරෙන එකම තැනත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා කල්පනාවෙන් කියවන්න. සරළව කියල දෙන්නම්. මම උදාහරණයට ගන්නෙ රික්තයක තබා ඇති හතරැස් වීදුරු කුට්ටියකට යම් ආනතියකින්

තරු නිවි නිවි පත්තු වෙන්නයි ග්‍රහලෝක එහෙම නොවෙන්නයි හේතුව - Why Stars Twinkle & Planets do not..

Image
පොඩි කාලෙ මතකද ඉගෙනගත්තා රෑ අහසෙ පෙනෙන ආකාශ වස්තු අතරින් තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න හැටි? ක්‍රමය තමයි තරු පේන්නෙ නිවෙනවා පත්තු වෙනවා වගේ (blink වෙවී). හැබැයි ග්‍රහලෝක වලින් ලැබෙන එළිය එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඔය ක්‍රමයට රෑ අහසෙ තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න දැනගෙන හිටියට එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගෙන හිටියද? එක රටක් එක නීතියක් කිව්වට ඇයි එක්කෙනෙක් විතරක් blink වෙන්නෙ? අද කතාව ඒ ගැන. මහන්සි වෙලා ලියන ලියන එක හොරකම් කරලා යටින් තමන්ගෙ නම දාගෙන තමන්ගෙ වගේ පළකරන අය ලොකු ප්‍රමාණයක් හිටපු නිසා ආපහු blog එක ලියන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. හැබැයි රෑ අහස දැක්කම එක්කො මේකත් ලියන්න ඕන කියල හිතුනා. මොකද මේක පොඩි කාලෙ මටත් තිබුණ දැවෙන ප්‍රශ්නයක් නිසා. ඉතින් මාස 5කට පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න ආවා.. මුලින්ම කියන්න ඕන තරුත් ඇත්තටම නිවි නිවි පත්තු වෙන්නෙ නෑ එක දිගටම එළිය දෙනවා මිසක්. හැබැයි අපේ වායුගෝලය නිසා අපිට තරු පේන්නෙ නිවි නිවි පත්තු වෙන හැටියට. ඒක වෙන්නෙ මෙහෙම. තරු තියෙන්නෙ ගොඩාක් ඈතනෙ. එතකොට අපිට නිරීක්ෂණය වෙන්නෙ pinpoints හැට්යට. මේ රූප සටහනේ හැටියට තරු එළිය අපේ වායුගෝලයට එ