Posts

Showing posts from March, 2020

කිරි - Milk

Image
තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.. ________________________________________ පිටිකිරි පිටිකිරි ගැන කතා කරන්න නම් මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මොකද ඒ ගැන කතා කරන වෙලාවත් අපරාදෙ. පිටිකිරි කියල විකුණන්නෙ නිකන්ම නිකං රොඩ්ඩක්. පරීක්ෂණාත්මකව සනාථ වුණත් නොවුනත් මෙලමයින්, පාම් තෙල්, ඌරු තෙල් සහ කෘතිම ලැක්ටෝස් තියෙන බවත් කිරි නැති බවත් බොහොම ප්‍රසිද්ධ මතයක්. එහෙම බැලුවම පිටිකිරි බොන එකයි සුදු පාට ඩයි එකක් වතුරෙ දිය කරගෙන බොන එකයි අතරෙ වෙනසක් නෑ. මාගරින් කියල හිතාගෙන අරගන්න Fat Spread එකත් ඔය වගේම තමයි. ඊළඟ පාර ගන්නකොට බලන්නකො පෙට්ටියෙ කොහෙවත් "ෆැට් ස්ප්‍රෙඩ්" කියල මිසක් "මාගරින්" කියල ඕකෙ ගහල තියෙනවද කියලා. ඒවා මාගරින් නෙමෙයි. ඔය 2ම ශරීරයට අහිතකර වුණොත් ම්සක් කිසිසේත්ම හිතකර දේවල් නම් නෙමෙයි. ________________________________________ දියර කිරි (Fresh Milk) කිරිපිටි කියන්නෙ බො