Posts

Showing posts from December, 2018

ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය

Image
අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.54 ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා තියෙන්නෙ  අපි හිතන් හිටපු කාලයේ නෙමෙයි . ඊට වෙනස්ම කාලයක. මේ සූදානම එහෙම පටලගත්ත කාල නිර්ණයන් කිහිපයක් නිරවුල් කරගන්නයි. 1) ක්ලියෝපැට්රා ලෝකෙ පරණම ශිෂ්ඨාචාරයක් තමයි නයිල් ගඟ පාදක කරගෙන බිහිවුනු ඊජිප්තු ශිෂ්ඨාචාරය. මේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 3100 තරම් ඈතට යනවා. ඒ තරම් පරණයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ හිටපු ශ්‍රේෂ්ඨ රැජිනක් කිව්වම අපි හැමෝටම එක පාරට මතක් වෙන්නෙ ක්ලියෝපැට්රා රැජින . හැබැයි ඉතින් ක්ලියෝපැට්රා ජීවත් උනේ ක්‍රි.පූ 69ත් ක්‍රි.පූ. 30ත් අතර තරම් මෑත කාලයේ. එහෙම බැලුවම ක්ලියෝපැට්රාගේ ඉඳල ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට තියෙන කාලය අවුරුදු 3000කටත් වැඩියි . හැබැයි ක්ලියෝපැට්රාගෙ ඉඳලා වර්තමානය දක්වා කාලය අවුරුදු 2048ක් විතරයි . ඒ කියන්නෙ ක්ලියෝපැට්රා, ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට වඩා අපිට ලඟයි. තව ටිකක් තේරෙන්න කිව්වොත් ක්ලියෝපැ