Posts

Showing posts from May, 2020

අපිට ලඟම න්‍යෂ්ටික බලාගාරය අපිට තර්ජනයක්ද?

Image
අපිට ලඟම න්‍යෂ්ටික බලාගාරයේ ඒ කියන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩුවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව ගැන ලංකාවෙත් තරමක කතාබහක් පහුගිය කාලෙ දැකගන්න ලැබුණා. මේකෙ න්‍යෂ්ටික අනතුරක් වෙන්න පුළුවන්ද? එහෙම වුණොත් ලංකාවට තියෙන බලපෑම මොන වගේද? අද කතාව ඒ ගැන. මේ වෙනකොට ඉන්දියාව සතු විශාලම න්‍යෂ්ටික බලාගාරය තමයි කූඩන්කුලම් බලාගාරය. මේක තියෙන්නෙ කූඩන්කුලම් වෙරළ අයිනේ. මූලික සැලැස්මෙ හැටියට මේක එකක් 1000MW බැගින් වන ප්‍රතික්‍රියාකාරක (Reactors) 6ක් තියෙන 6000MW installed capacity එකක් තියෙන බලාගාරයක්. 2002දි තමයි මේකෙ වැඩ ආරම්භ වුණේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා සහ Heat transfer tubes 4ක තිබුණු දෝෂය නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට බොහෝ කාලයක් ගියා. 2013දි තමයි පළවෙනි unit එක ක්‍රියාත්මක වුණේ. බලාගාරය හදන්නෙ රුසියානු රාජ්‍ය සමාගමක් විසින්. මේ වෙනකොට මේකෙ units 2ක් හදලා ක්‍රියාත්මක තත්වයේ තියෙන්නෙ. ඒ කියන්නෙ දැනට මේකෙ 2000MW ක Installed capacity එකක් තියෙනවා (අපේ නොරොච්චෝලෙ 900MW). හැබැයි Cooling වගේ auxiliary power consumption ටික අයින් කරාම මේකෙන් ඇත්තටම පද්ධතියට ලබාදෙන්නෙ මෙගාවොට් 1864