ගිජුලිහිනියෝ - Vultures

 ආර්ථික ලෝකයෙත් ඉන්නවා ගිජුලිහිනියො (Vultures) වර්ගයක්.. 



ඔන්න එක දූපතක් තියෙනවා. ඒ දූපත ජාත්‍යන්තර වෙළඳපොළට බැඳුම්කර නිකුත් කරනවා. අපි හිතමු ඩොලර් මිලියන 100ක බැඳුම්කරයක් කියලා. ලෝකෙ කොහෙහරි ආයෝජකයෙක් ඩොලර් මිලියන 100ක් දීලා මේ බැඳුම්කරය මිලදි ගන්නවා. මේ ගත්ත බැඳුම්කරය කල් පිරෙනකොට (maturity) අර ආයෝජකයට තමන්ගෙ සල්ලි සහ ප්‍රතිලාභ ලැබෙනවා.


අපේ කතාවෙ තියෙන බැඳුම්කරය කල් පිරෙන්නෙ අවුරුද්දකින් කියල හිතමුකො. හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි අර දූපතේ ආර්ථිකය වේගයෙන් කඩාවැටෙන්න පටන්ගන්නවා. ඒ දූපතේ මිනිස්සුන්ට ඇරෙන්න මුළු ලෝකෙටම තේරෙන්න ගන්නවා තව මාස කීපයකින් මේ දූපත බංකොලොත් වෙන බව. ඉතින් අපේ අර ආයෝජකයා කල්පනා කරනවා මෙහෙම ගිහින් මුන් බංකොලොත් වුණාම මුන්ට මගෙන් ගත්ත ඩොලර් මිලියන 100 ආපහු දෙන්න බැරිවෙනවනෙ කියලා.


ඒ කියන්නෙ එහෙම වුණොත් ආයෝජකයට ඩොලර් මිලියන 100ක් ගෙඩි පිටින් පාඩුයි. ඔය වෙලාවට අපේ කතාව වටේ කැරකෙන්න ගන්නවා ගිජුලිහිනියන් පිරිසක්. මේවා තමයි Vulture Funds කියන්නෙ. මේවා එක්තරා සමාගම් වර්ගයක්. මෙයාලා අර ආයෝජකයට ගිහින් කියනවා "මෙහෙම ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 100ක්ම පාඩු වෙනවා. ඔයා ඒ බැඳුම්කරය අපිට ඩොලර් මිලියන 40කට විකුණන්න. එතකොට ඔයාට ඩොලර් මිලියන 60ක් විතරයි පාඩු වෙන්නෙ" කියලා.


කොහොමහරි vulturesල ආයෝජකයව එකඟ කරගෙන අර බැඳුම්කරය කුණුකොල්ලෙට ගන්නවා. ඇයි ඔවුන් මෙහෙම නොලැබෙන ණයක් මිලදීගන්නෙ? එතන තමයි සෙල්ලම තියෙන්නෙ.


දූපත බංකොලොත් වුණාට පස්සෙ මේ ගිජුලිහිනියො අර දූපතට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ වල නඩු පවරනවා. සාමාන්‍යයෙන් අවුරුදු 3ත් 10ත් අතර කාලයක් ඔවුන් නඩු කියනවා. එහෙම කරල කොහොමහරි ඩොලර් මිලියන 100මයි දඩ මුදල් ටිකයි පුළුවන් නම් නඩු ගාස්තුයි ඔක්කොම ගන්නවා. දූපතට සිද්ධවෙන්නෙ අන්තිම දරුණු ප්‍රපාතයකට වැටෙන්න. Vulturesලා එක්ක negotiations කරන්න බැහැ. මොකද මේක තමයි ඔවුන්ගෙ ව්‍යාපාරය. මේක තමයි ඔවුන්ගෙ ක්‍රමය. අවසානයේ Vulturesලා බොහෝ විට තමන් වියදම් කරපු මුදල වගේ 3 ගුණයේ සිට 20 ගුණය දක්වා මුදලක් උපයගන්න බවටත් සඳහන් වෙනවා.


එහෙම නම් කරන්න ඕන මොකක්ද?


කරන්න ඕන දේ තමයි බැඳුම්කරය ආයෝජකයගෙ අතේ තියෙද්දිම (vulturesලගෙ අතට යන්න කලින්) ආයෝජකයා එක්ක සාකච්ඡා කරල ණය ගෙවීම ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න එක. ඒ වෙලාවෙදි ඒ වැඩේ කරේ නැත්තං පහුවෙලා කරන්න පුළුවන් දෙයක් නැතිම තරම්.


එහෙනම් අවුරුද්දකට විතර කලින් දිගින් දිගටම IMF එකෙන් අනතුරු ඇඟවීම් කරද්දිත් අර දූපතේ ආර්ථිකය භාරව හිටපු පණ්ඩිතයො ටික දිගටම මේ ප්‍රතිව්‍යුහගතකරණය පැහැර හැරියා නම් අනාගතේ එන අහිතකර ප්‍රතිවිපාක වලටත් ඔවුන් සෘජුවම වගකිවයුතුයි. ඔබත් ඉන්නෙ එහෙම දූපතක නම් දැන් ඔබට තේරෙන්න ඕන මේ අර්බුදය තව ලොකු කාලයකට විසඳෙන එකක් නොවන බවත්, ඔබේ දරුවන්ටත් මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වෙන බවත්.


දැන් පරක්කු වැඩියි!


- රෙහාන් මෙන්ඩිස් 

2022.06.23

Comments

  1. ඕවා තෙරෙන්නෙ නෑ බන් අපෙ එවුන්ට. නහුතෙටම කෙල වුනාම තමා ඔක්කොම තේරෙන්නෙ. කාලෙකින්නෙ දැන්මෙ පෝස්ට් එක්ක. මොනව හරි ලියන්නකො. මාත් මෙ ඊමෙල් එක ආපු ගමන් ආවෙ බලන්න.

    ReplyDelete
  2. Issara post danawa. Dan post danne idala hitala ne . Oya blog eke igena ganna dewal godak thiyenawa. Digatama post danna ❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය