Posts

Showing posts from November, 2020

"වර්තනය" ඉගෙනගත්තා හරිද? - Something About Refraction

Image
මේ කතාව වඩාත් සුදුසු වෙන්නෙ උසස්පෙළ භෞතික විද්‍යාව හදාරන ළමයින්ට සහ ගුරුවරුන්ට. ප්‍රකාශ විද්‍යාවෙදි ආලෝක වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංගයක් එක් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් වර්තනාංකයක් ඇති පාරදෘශ්‍ය මාධ්‍යයකට යාමේදී මාධ්‍ය දෙක අතර අතුරු මුහුණතේ දී තරංගයේ ප්‍රවේගය හා ගමන් දිශාව වෙනස් වීම නෙ. දිශාව වෙනස් වෙන හැටි නම් ස්නෙල් නියම දාගෙන ඉගෙනගත්තනෙ. ඒත් ආලෝක කිරණයේ වේගය වෙනස් වෙන හැටි ඉගෙනගත්තද? ආලෝකයේ වේගය ඇත්තටම එහෙම වෙනස් වෙනවද? ඔක්කොම කියෙව්වොත් උත්තරේ දැනගන්න පුළුවන්. Image Credit : Fermilabs මුලින්ම කියන්න ඕන මේක ලියන්න කලින් මම ලංකාවෙ ප්‍රසිද්ධ ගුරුවරු කීපදෙනෙක් youtube එකේ ප්‍රකාශ විද්‍යාව උගන්නන වීඩියෝ බැලුවා. හැබැයි එකක වත් මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ. සමහරවිට සිලබස් එකේ නැති නිසා වෙන්න ඇති. අන්තර්ජාලයේ ශ්‍රී ලාංකීය වෙබ්අඩවි වල බැලුවා. ඒත් නෑ. සමහරවිට මේ සංසිද්ධිය අන්තර්ජාලය තුල සිංහලෙන් පැහැදිලි කෙරෙන එකම තැනත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා කල්පනාවෙන් කියවන්න. සරළව කියල දෙන්නම්. මම උදාහරණයට ගන්නෙ රික්තයක තබා ඇති හතරැස් වීදුරු කුට්ටියකට යම් ආනතියකින්...