තරු වල කතාව 2 | වාමන තරු

ඔන්න දැන් අපි ළඟ තරුවක් තියෙනවා. අපේ සූර්යයාත් අපි ඉන්න මන්දාකිණිය වන ක්ෂීරපථයෙ (milky way) තියෙන ප්‍රධාන තරු 100 අතර ඉන්නෙ. තද තද නේද? 😎
ඔය වගේ තරු ට්‍රිලියන ගානක් විශ්වයේ තියෙනවා. අපේ milky way එකේ විතරක් තරු බිලියන 100ක් තියෙනවා. ඉතින් හිතාගන්නකො විශ්වයේම තියෙන තරු ගාණ ගනන් කරන්න පුළුවන් වෙයිද කියල.

ඔය තරු වල ස්කන්ධය කිලෝ ග්‍රෑම් වලින් මනින්න බෑනෙ. එතකොට එන සංඛ්‍යාව ලිව්වම කිලෝමීටරයක් විතර දිගට එන නිසා එහෙම මනින එක ප්‍රායෝගික නෑ. ඒ නිසා අළුත් ඒකකයක් ඕන වුණා.

ඒකට හදාගත්ත ඒකකය තමයි සූර්ය ස්කන්ධ ඒකකය කියන්නෙ. ඒ කියන්නෙ යම්කිසි තරුවක ස්කන්ධය අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ කීගුණයක්ද කියන එක.

ඔය ස්කන්ධය මත තරුවක අවසාන කාලය තීරණය වෙනවා. ඒ කියන්නෙ තරුව මියයන්නෙ කොහොමද මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ ඒ තරුවෙ ස්කන්ධය.

සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු, ඒ කියන්නෙ අපේ සූර්යයාගෙ ස්කන්ධය වගේ 1.4 ගුණයකට වඩා අඩු ස්කන්ධයක් තියෙන තරු මියගියාට පස්සෙ පත්වෙන්නෙ සුදු වාමන තරු (White Dwarf) කියල එකක් බවට. අපේ ඩයල් එකටත් දවසක වෙන්නෙ ඒකම තමයි.

එතකොට සූර්ය ස්කන්ධ ඒකක 1.4 - 2.8 දක්වා තරු නියුට්‍රෝන තාරකා බවට පත්වෙනවා. ඒවා වල තියෙන්නෙ තනිකරම නියුට්‍රෝන විතරයි. ඒක වෙන හැටි පස්සෙ කියලදෙන්නම්.

එතකොට සූර්ය ස්කන්ධ ඒකක 2.8ට වඩා වැඩි තරු???

ඒවා මැරුණට පස්සෙ කළු කුහර බවට පත්වෙනවා! ඒක වෙන හැටිත් ඉස්සරහට කියල දෙන්නම්.




මුලින්ම බලමු සූර්ය ස්කන්ධ ඒකක 1.4ට අඩු තරු වලට වෙන දේ. මෙයාගෙ තරුණ කාලෙ සිදුවෙන හයිඩ්‍රජන් විලයනය ගැන අපි කලින් කතා කරානෙ. ඔය හයිඩ්‍රජන් ඉවර වුණාම???

තරුණ කාලෙ ඉන්න අපේ සූර්යයා වගේ තරු වල බලයන් 2ක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඇතුලෙ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා නිසා ඇතිවන බලය. මේ බලයෙන් සූර්යයාගෙ පෘෂ්ඨය එළියට තල්ලු කරන්න බලනවා. හැබැයි ගුරුත්වාකර්ෂණය මගින් ඔය පෘෂ්ඨය ආපහු ඇතුලට අදිනවා. ඔය ඉවතටයි ඇතුලටයි යෙදෙන බල දෙක balance වෙලා එකිනෙක කැපිල යන නිසා තමයි සූර්යයා එකම සයිස් එකට ඉන්නෙ.

හැබැයි හයිඩ්‍රජන් ඉවර වුණාම තව දුරටත් ප්‍රතික්‍රියා නැති නිසා අර එළියට තල්ලු කරන බලය නැතිවෙනවා. එතකොට ඉතුරු වෙන්නෙ තරුව ඇතුලට අදින ගුරුත්වාකර්ෂණය විතරයි. දැන් තරුව ඇකිළෙන්න පටන්ගන්නවා.

හැබැයි හයිඩ්‍රජන් ඉවර වුණාට හයිඩ්‍රජන් විලයනයෙන් හැදුන හීලියම් ටික තියෙනවනෙ. ඒව විලයනය කරන්න හයිඩ්‍රජන් තරම් ලේසි නෑ. ඒත් දැන් තරුව ඇකිලෙද්දි එහි හරයේ ඇතිවන ඉතාම අධික පීඩනය නිසා දැන් හීලියමුත් විලයනය වෙන්න පටන් ගන්නවා (මතකයිනෙ pressure cooker කතාව).

හීලියම් විලයනයෙන් ඒ කියන්නෙ පරමාණු කීපයක් එකට තදවෙලා නයිට්‍රජන් ඔක්සිජන් වගේ අළුත්ම වායු අණු හැදෙන්න ගන්නවා. ඔය අළුතින් හැදුන වායු ටික වළාවක් වගේ තරුවෙන් ඉවත් වෙන්න ගන්නවා. ඕක අපිට පේන්නෙ ආපහු තරුව ප්‍රසාරණය වෙනව වගේ. ඒ කියන්නෙ තරුවෙ හරය තව ඇකිළෙන ගමන් එහි මතුපිට ප්‍රසාරණය වෙනවා.

කොච්චර ප්‍රසාරණය වෙනවද කියනව නම් සූර්යයා අපේ පෘථිවි කක්ෂය දක්වාම ප්‍රසාරණය වෙනවා. හැබැයි ඒ කාලෙ වෙද්දි නම් කොහොමත් පෘථිවිය මත ජීවයක් නැති නිසා අවුලක් නෑ. මේකට කියන්නෙ රතු යෝධ අවධිය (Red Giant) කියල.

අන්තිමට හීලියම් ටිකත් විලයනය වෙලා ඉවර වෙනවා.

දැන්?

අර වායු වලාව තරුව දෙසට ඇදගන්න කිසිම බලයක් නෑ. ඒ නිසා වායු වළාව තරුවෙන් සම්පූර්ණයෙන් ඉවත්වෙලා අභ්‍යාවකාශයේ පාවෙලා යනවා. දැන් ඉතුරු අර දැවිල අවසන් වුණු පුංචි හරය විතරයි.

හැබැයි එයා තාමත් ගොඩාක් රස්නෙයි. ඒ නිසා තව අවුරුදු මිලියන ගාණක් එයා සුදු පාටට දිලිසෙනවා. ඒකට තමයි සුදු වාමන තරු කියන්නෙ.

ඒ රස්නෙත් ඉවර වුණාම එයා ටික ටික නිවිලා කළු වාමන තරුවක් බවට පත්වෙනවා. අපේ සූර්යයාටත් දවසක වෙන්නෙ ඔය ටිකම තමයි.


- Rehan

(ස්තුතිය ශවිඳු අවිශ්ක, Rezor Kenway)
Images | nasa.gov

Comments

  1. හීලියම් විලයනය වෙලා හැදෙන ඔක්සිජ,නයිට්‍රජන් ඇයි පාවෙලා යන්නේ? ගුරුගුරුත්වාකර්ෂණයට ඒවා හිටින්නේ නැද්ද?

    ReplyDelete
  2. කලු වාමන තාරකාවක අබ්‍යන්තර හරයෙ තිබෙන්නේ මොනවද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය