Posts

හීන ලෝකය

Image
මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ . එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු  මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන .. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල  ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන. පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු. නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි ...

ලෝක සිතියමේ නැති පාවෙන දූපත

Image
ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත. මේක එහෙම එකක් නෙමෙයි මේක මුහුදෙ පාවෙන දූපතක්. මේක කෘත්‍රිම දූපතක්. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ? මොකද මේක පාවෙන කසළ දූපතක්! ලෝකෙ එක එක රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැහෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන. මේ තමයි The Great Pacific Garbage Patch . මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.6ක් . ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තව ටිකක් තේරෙන්න කිව්වොත් මේක ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකු...

මනසින් වැඩ ගැනීම

Image
අපිට හිතාගන්න වත් බැරි තරම් දියුණු යන්ත්‍රයක් තමයි අපේ මනස. එහෙමත් නැත්තං මොළය. අද මම කියල දෙන්න යන්නෙ ඒ සුපිරි මනසින් වැඩ ගන්න හැටි. මේක කරන්න පුළුවන් හොඳට සිත දියුණු කරපු අයට විතරද? නෑ මේක අපි හැමෝටම කරන්න පුළුවන්. පොඩි පුහුණුවක් විතරයි අවශ්‍ය. මේකෙන් අරුම පුදුම සිතූපැතූ සම්පත් ලබාගන්න පුළුවන්. මේ කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.. මේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන කියන තුන්වෙනි ලිපිය. හොල්මන් පෙනෙන හැටි ගැන ලියපු පළමු ලිපිය  මෙතනින්  හා DeJa-Vu ගැන ලියපු දෙවන ලිපිය මෙතනින් කැමති අය කියවන්න. මාස කිහිපයකට පස්සෙ බ්ලොග් එක ලියන නිසා මේ පාර ටිකක් දිග ලිපියක් තමයි ලියන්න හදන්නෙ. හැබැයි අර මුලදි කියපු සිතූපැතූ සම්පත් ලබාගන්න හැටි දැනගන්න නම් කම්මැලි නැතුව අන්තිම වෙනකන් කියවන්න වෙයි. හරි අපි කෙලින්ම කතාවට එමුකො. අපේ මොළය කියන්නෙ හරිම අපූරු උපකරණයක්. මොළය නිර්මාණය වෙලා තියෙන්නෙ නියුරෝන බිලියන 100ක් විතර එකතු වෙලා. අපේ මුළු මන්දාකිණියෙම තියෙන තරු ප්‍රමාණයත් බිලියන 100ක් විතර. ඉතින් හිතාගන්නකො කොච්චර ගොඩක් තියෙනවද කියලා. හැබැයි ඉතින් මේ ඔක්කොම එක පාර වැඩ කරන්නෙ නම් නෑ. ම...

සාපේක්ෂතාවාදය 6 | ආලෝකයේ වේගය ඉක්මවීම

Image
කලින් ලිපි වල කිව්වා මතකද සාපේක්ෂතාවාදයට අනුව පදාර්ථයට කවදාවත් ආලෝකයේ වේගය ඉක්මවන්න බැහැ කියලා? අද අපි සූදානම් වෙන්නෙ ආලෝකයේ වේගය ඉක්මවන්නයි . මොකක්?? එතකොට සාපේක්ෂතාවාදය බිඳවැටෙනවද??? කියවලම බලන්නකො.. මේක කියවන්න කලින් සාපේක්ෂතාවාදය ගැන කලින් ලිපි ටික කියවල එන්න කියල නම් මට තරයේම නිර්දේශ කරන්න සිද්ධවෙනවා. මොකද කතාව ගලාගෙන යන්නෙ ඒවත් එක්ක නිසා.. හරි අපි මාතෘකාවට බහිමු.. දැන් එතකොට ස්කන්ධයක් තියෙන කිසිම පදාර්ථයකට ආලෝකයේ වේගය ඉක්මවන්න බැරිද? අපෝ පුළුවන්. හැබැයි ඒ එක් එක් සංසිද්ධියට ආවේණික කොන්දේසිත් තියෙනවා. ඒ කොන්දේසි නිසා මෙතනදි සාපේක්ෂතාවාදය බිඳවැටෙන්නෙ නැහැ. අපි කිහිපයක් වෙන වෙනම සලකල බලමු.. විශ්වය ප්‍රසාරණය වන බව ඔයා අහල ඇතිනෙ? ඉතින් හැම තත්පරයකින් ට්‍රිලියනයකින් එකකිනුත් ට්‍රිලියනයකින් එකක තරම් අතිශයින්ම කුඩා කාලයක් තුලදි මේ විශ්වයේ පරිමාව දෙගුණයක් වෙනවා . ඒ කියන්නෙ විශ්වයේ ඈත කෙළවරේ තියෙන වස්තූන් තවත් ඈතට විසිවෙන්නෙ ආලෝකයේ වේගයට වඩා අති විශාල වේගයකින් . කොහොමද එහෙම වෙන්නෙ?? උත්තරේ මේ දර්ශනයෙ නමේම තියෙනවා. සාපේක්ෂ නිසා. ඔව් හැමදේම සාපේක්ෂයි. ඔන්න දැන්...

සාපේක්ෂතාවාදය 5 | විශ්වයේ අභිරහස් දොරටු

Image
විශ්වයේ තියෙනවා කියන අපූරු රහස් පාරවල් ජාතියක් ගැනයි අද කියන්නෙ. විශ්වයේ එක කෙළවරක ඉඳල තවත් කෙළවරකට හෝ එක් විශ්වයක ඉඳල තවත් සමාන්තර විශ්වයකට බොහොම කෙටි කාලයකදි ගමන් කරන්න පුළුවන් පුදුමාකාර දොරටුවක් තමයි මේ. මේ Wormholes .. මුලින්ම කියන්න ඕන මේ wormholes කියන්නෙ තවමත් සොයාගෙන නැති කල්පිත මට්ටමේ තියෙන දෙයක් බව. Wormhole එකකින් කොහොමද විශ්වයේ ගොඩක් දුරින් තියෙන තැනකට ඉක්මණට යන්නෙ? උත්තරේ wormhole කියන වචනෙම තියෙනවා. Worm කියන්නෙ පණුවටනෙ. එතකොට hole කියන්නෙ සිදුරට. Wormhole කියන්නෙ පණුවෙක් ඇති කරපු සිදුරක් වගේ දෙයක්. මෙහෙම හිතන්නකො. ඇපල් ගෙඩියක එක පැත්තක A කියල ස්ථානයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ B කියල ස්ථානයක් තියෙනවා. දැන් කූඹියෙකුට A සිට B දක්වා යන්න ඕන වුණොත් ඌට ඇපල් ගෙඩියෙ මතුපිට පෘෂ්ඨය දිගේ බොහෝ දුරක් (ඇපල් ගෙඩියෙ පරිධියෙන් අඩක් පමණ) යන්න වෙනවා. නමුත් A සිට B දක්වා ඇපල් ගෙඩිය ඇතුලෙන් පණුවෙක් හාරපු උමගක් හමුවුණොත් අපේ කූඹියාට කලින්ට වඩා අඩු දුරක් ගමන් කරලා B වෙත ලඟා වෙන්න පුළුවන්. ඉතින් විශ්වයෙත් ඔය සිද්ධියම වෙන්න පුළුවන්. මේ පින්තූරය බැලුවම කතාව තේරෙයි. ...